ප‍්‍රතිකාර, ආර්ථිකය හා මානසික ශක්තිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

m prash

 

2020/03/18 – ලංකාදීප

කොරෝනා හමුවේ ප්‍රතිකාර; ආර්ථික අභියෝග ජය ගැනීම

අර්බුදකාරී අවස්ථාවක නිවරැුදි තීරණ ගැනීම ඉතාම වැදගත්ය. කොවිඞ් -19 වයිරසය වසංගතයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශයට පත් කර තිබේ. ශ‍්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් එකසිය තිහකට වඩා වයිරසයේ බලපෑමට ලක්ව සිටී. අලූත් දශකයකට එනම් වසර 2020 න් පසු එළැඹෙන කාල වකවානුවට සැහැල්ලූවෙන් මුහුණදෙන බලාපොරොත්තු සහිතව සිටි ජගත් ප‍්‍රජාව ආරම්භයේ දීම නොසිතූ අභියෝගයක් අභිමුවෙහි පසුවෙයි.

ලෝක ඉතිහාසය තුළ මෙවැනි වසංගත තත්ත්ව නොයෙක් යුගවල පැවැතිණි. ජාත්‍යන්තර ප‍්‍රජාව, ඉතිහාසයේ අත්දැකීම් සහිතව අර්බුද හමුවේ තීරණ ගන්නා අතර විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව අද වන විට බලවත් ශක්තියක් වී තිබේ. සොබා දහමට විරුද්ධව මනුෂ්‍යයා යන ගමන මෙවැනි අනපේක්ෂිත විපත් වලට හේතුව බවට මතයක් පවතී. සොබා දහම හා මනුෂ්‍යයා අතර පවතින තර`ගකාරීත්වය වශයෙන් දැක්වීම සුදුසු බව මගේ විශ්වාසයයි. සොබා දහමට එරෙහිව කරන විනාශ හෙයින් පැන නැගෙන ප‍්‍රශ්න වලට එරෙහිව නැගී සිටින මනුෂ්‍ය ප‍්‍රජාව, ඒවාට උත්තරයක් වශයෙන් නැවත වටයකින් අලූත් දේ සොයා ගනිමින් සිටිති. එය සදාතනික – සෞම්‍ය අරගලයකි.

සිංගප්පූරුව වසංගත තත්ත්වයට  මුහුණ දෙන අන්දම අධ්‍ය්‍යනය කිරීම සුදුසුය. කුඩා රටක් වශයෙන් ජාත්‍යන්තරය සමග ඉතාම විවෘතව කටයුතු කරමින් ඉතා දියුණු ආර්ථිකයක සිටියේය. සමාජ ගෝලීයකරණයට කදිම උදාහරණයක් විය. කොවින්-19 වසංගතයට ඉක්මනින්ම ගොදුරුවීමට එය එක හේතුවකි. සිංගප්පූරු අගමැති ලී ෂියාන් ලූන් මහතා වරින් වර ජාතිය අමතන අතර සමාජය අධිෂ්ඨානශීලීව තබා ගැනීම අරමුණු කරගෙන වැදගත් අදහස් ඉදිරිපත් කරයි. අගමැතිවරයාට අනුව වයිරසයට මුහුණදීමේ දී සලකා බැලිය යුතු කරුණු තුනක් තිබේ. එකක් සෞඛ්‍ය කටයුතුය. ආර්ථිකය හා මානසික තත්ත්වය ගැන අවධානය යොමු කිරීම අනෙක් ඒවාය. සිංගප්පූරුව ලෝකයේ හො`දම සෞඛ්‍ය පහසුකම් සහිත රටවල් අතරින් එකකි. සිය වැසියන් වෙන්කර තබන හා නිරෝධායනය කරන පිලිවෙල ප‍්‍රමිතියකට අනුව කරගෙන යන බව පෙනේ. සියළු දෙනා රෝහල් ගත කිරීම උත්තරය නොවන බව දක්වා ඇත. ආර්ථිකය ඉතාම නරක ප‍්‍රතිවිපාක වලට මුහුණ දෙන බව අගමැතිවරයා ගේ අදහසයි. ගුවන් සේවා, සංචාරක, ප‍්‍රවාහන, සෞඛ්‍ය හා පිරිසිදු කරන අංශ වලට අයත් පිරිස ගැන අවධානය යොමු කර ඇත. රාජ්‍ය හා පුද්ගලික අංශයේ කර්මාන්ත හා ව්‍යාපාර මුහුණ දෙන ඉරණම සලකා බලා වහා සහන දිය යුතු බව යෝජනා කරන අතර ගිග් ඉකොනොමි නොඑසේනම් වහා පැන නැගෙන අවස්ථා තුළින් යැපෙමින් සිටි අර්ධ කාලීන වෘත්තිකයන් ගැන වැඩිපුර අවධානයක් යොමු කළ යුතු බව කියා තිබේ. මෙම සියළු පැති අතර පුරවැසියන්ගේ මානසික තත්ත්වය ආරක්ෂා කරගැනීම අවශ්‍යයැයි දක්වයි. කාර්යාල වසා සේවකයන් නිවාඩු සිටින කාල වකවානුවේ දී තාක්ෂණය භාවිතා කර පුහුණුව ලබා දිය යුතු අතර එම ක‍්‍රමවේදය මගින් නැවත වැඩට එන විට ශක්තිමත් හා අලූත් අදහස් ඇති ශ‍්‍රම බලකායක් නිර්මාණය වන ඇති බව අගමැති ලී ෂියාන්ගේ මතයයි.

ශ‍්‍රී ලංකාව ද කොවිඞ් -19 වයිරසය ජය ගෙන ආපසු නැගී සිටින විට කලින් තිබුණ තත්ත්වයට වඩා ජයග‍්‍රාහී ඉදිරි පිම්මකට සූදානම්වීම වැදගත්ය. කාර්යක්ෂමතාව, කළමණාකාරීත්වය සහ සමාජ විනය අලූතින් හදා ගත හැකිය. රටක් එක කාලයක් වැඩ නොකරන තැනක සිට අලූතින් වැඩ කරන තැනට පත් කරන විට අලූත් තීරණ ගත හැකිය. තාක්ෂණයට යොමුවීම මෙහි ඇති වැදගත්ම සාධකයයි. සියළු පැති ගැන අලූතින් හිතන ආර්ථික කාර්ය සාධන බලකායක් රටට අවශ්‍යය. වයිරසයේ බලපෑම අඩුම තරමින් වසරක් පමණ පවතිනු ඇති බව ජගත් පර්යේෂකයන්ගේ අදහසයි. එම කාලය තුළ මානසිකත්වය ඉහලටම ගෙන රට වෙනුවෙන් අලූත් අරමුණකින් වැඩ කරන පරම්පරාවක් බිහි කළ යුතුය.

මෙම අභියෝගාත්මක මොහොතේ වගකීමක් ඇතිව සේවය කරන සෞඛ්‍ය, බලශක්ති, පොදු ප‍්‍රවාහන, කසල කළමණාකරන සහ සන්නිවේදන ඇතුළු සියළු අංශ රටට දෙන ශක්තිය ඉතාම වැදගත්ය. අන්ධකාර අවස්ථාව පසුකර නැවත ආලෝකය වෙත ළගාවන නැවුම් මොහොත ඉතා වැදගත් ඉලක්කයක් විය යුතුය. අභියෝග අවස්ථාවක් කරගත යුතු අතර දක්ෂ මානව සම්පතක් ඇති ශ‍්‍රී ලංකාව ආත්ම විශ්වාසය සහිත භූමියක් බව අමතක කළ යුතු නැත.  මෙම මොහොතේ තද තීරණගත යුතුව තිබේ. නායකත්ව ලක්ෂණ අවශ්‍යය. පටු දේශපාලනය පැත්තකට කිරීම සුදුසුය. සියළු දෙනාට වෙනස් මත තිබිය හැකිය. දේශපාලන අදහස් මතු කරන්නට බැරි නැත. ඉක්මනින් තීරණ ගෙන ඒවා ඉක්මනින් ක‍්‍රියාවට නැංවීම හැර අනෙක් සියළු දේ වලංගු නැති බව පෙන්වා දිය යුතුව තිබේ.

 

 

 

 

m prash

නායකත්වය නැති නායකයෝ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

 

 

m prash

2020/03/11 – ලංකාදීප

නීතිඥ කොල්වින් ආර්. ද සිල්වා මහතා මෙරට දේශපාලන ඉතිහාසය තුළ කැපී පෙනෙන චරිතයකි. පළමු මාක්ස්වාදී පක්ෂය වශයෙන් ලංකා සමසමාජ පක්ෂය පිහිටුවන කණ්ඩායමේ  සිටි ප‍්‍රබලයෙකි. 1907 වසරේ බලපිටියේ දී උපත ලබා ඇති හෙතෙම 1989 පෙබරවාරි 27 වැනි දා ජීවිතක්ෂයට පත්වූ අතර වර්තමාන දේශපාලන පරම්පරාවේ වැඩිදෙනෙකු නොදන්නා බව නිසැකය.

නිදහස ලැබුණ කාල වකවානුව හෙතෙම අත් විදින්නට ඇත. සිංහල දෙමල ගැටුම්වල මුල් භාගයේ සිට ජූලි කලබලය තෙක් සිද්ධි ගැන අවධානයක සිටි බව නිසැකය. දකුණේ හටගත් තරුණ කැරළි වල පසුබිම ගැන අවබෝධයක ඉන්නට ඇත. ඔහු ගේ දේශපාලන ක‍්‍රියාකාරීත්වය හා රටට කළ සේවය අනෙකකි. එය සාකච්ඡා කිරීම මෙහි අරමුණ නොවේ. එහෙත් කොල්වින් ආර්. ද සිල්වා මහතා එක්තරා අවස්ථාවක ‘‘අපට නායකයන් සිටි නමුත් නායකත්ව නොතිබුණ’’ බව සදහන් කර තිබේ. මෙම සදහන කරන්නේ නිදහස සදහා අධිරාජ්‍යවාදීන් සමග කරන ලද ගැටුම්, අරගල හා යුද්ධ ගැන සදහනක් වශයෙනි. අතීත සිද්ධි පාදක කරගෙන කරන ලද නායකත්ව ගුණාංග සම්බන්ධ ප‍්‍රකාශය අදට ද අදාල කාරණයකි. රටට නායකයෝ සිටිති. නායකත්ව තිබේද? ජාතික, ආගමික. අධ්‍යාපනික සහ දේශපාලන ඇතුළු සියළු අංශ වලට මෙය අදාලය. ව්‍යාපාරික හෝ සේවා අංශ වල දී පවා ප‍්‍රමුඛ නායකයෝ සිටිති. එහෙත් නායකත්ව ලක්ෂණ දුලබය. එය බලවත් ගැටළුවකි.

ලංකාව පහසුවෙන් පාලනය කරන පිලිවෙලක් වශයෙන් අධිරාජ්‍යවාදීහු මෙරට නායකත්ව මර්දනය කළහ. එකිනෙකා අතර ගැටුම් ඇති කර බේධ අවුලූවන ලද අතර අධිශ්ඨානයකින් යුතුව සංවිධාන ගතවීම වලක්වන ලදහ. පාලකයන් සුළු පිරිසකට රට පාලනය කරන්නට එම උපාය ප‍්‍රයෝජනයට ගත් අතර ලාංකිකයන් අතරින්ම තෝරා ගත් කොටසකට තාන්න, මාන්න හා වරප‍්‍රසාද පවරා රට වහල් භාscan020,,0වයෙකින් පවත්වාගෙන යන්නට හැකිවිය. රට නිදහස ලැබූ නමුත් නිවහල් වී නැත. අධිරාජ්‍යවාදී පිලිවෙල අනියමින් බලපැවැත්වෙයි. අදට ද තනතුරු, වරප‍්‍රසාද, නම්බුනාම වලින් පුද්ගලයෝ පැත්තකට කරන උපාය ක‍්‍රියාත්මකය. එහි ප‍්‍රතිඵලයක් ලෙස නායකත්ව ලක්ෂණ යට කර නායකයෝ බිහිකර තිබේ. අධිරාජ්‍යවාදීන්ගේ උගුලෙන් ගැලවෙන මග අනාවරණය කරගෙන නැත. සුළු තනතුරක්, යම් වරප‍්‍රසාදයක් වෙනුවෙන් නායකයෝ වශයෙන් හැසිරෙන අතර එය කිසිසේත් නායකත්ව ගුණාංගයක් සේ දැක්වීම අනුචිතය.

ආත්මාර්ථකාමීත්වය නායකත්ව ගුණාංගයක් නොවේ. කුහකබව නොතිබිය යුතුය. එහෙත් මෙකී නුගුණ මෙරට නායකයන් අතරින් බොහෝ දෙනෙකු තුළ යහමින් තිබේ. නායකත්ව තුළ පවතී. පටු අභිමතාර්ථයන් ඉක්මවන පුලූල් අධ්‍යාශය නායකත් වසතු ලක්ෂණයකි. ගැඹුරු දාර්ශනික ප‍්‍රතිපත්ති වලට අනුව ක‍්‍රියා කරයි. එයින් රටත් ජනතාවත් ඉහළට ඔසවා තැබේ. ලෝකය වෙනස් කළ චරිත එවැනි හැබෑ පරිත්‍යාගයකින් ලබාදුන් නායකයෝ වූහ. පොදු අරමුණකින් විශිෂ්ඨත්වය වෙනුවෙන් පෙනී සිටි අතර එහි දී කිසිම පුද්ගලික අපේක්ෂාවක නොසිටියහ. ජනතාව අතරින් නැගී සිටි එවැනි පිරිස් එතෙර සහ මෙතෙර ඉතිහාසය තුළ අමරණීය වී තිබේ. මෙකල, මෙරට අමරණීය විය හැකි නායකයෝ සිටිත්ද? සිටිති එහෙත් සුළු පිරිසකි. තමන් නායකයෙකු ද යන්න කැඩපත හමුවට පැමිණ අපගෙන්ම ප‍්‍රශ්න කළ යුතුය.

අධිරාජ්‍යවාදීහු නසා විනාශ කරන ලද උරුමය යළි ගොඩනැගීමට යුහුසුළුවීම අපගේ වගකීමකි. අප සියළු දෙනාම අනෙකා ගැන සිතන, වගකීම භාරගන්නා නායකයෝ විය යුතුය. ජන සමාජය වෙනුවෙන් කරන කැපවීම හා පරිත්‍යාගය නායකත්වයේ ගුණාංග අතර වැදගත් තැනක පවතින බව වටහා ගත යුතුය. කොල්වින් ආර්. ද සිල්වා මහතා අදහස් කළේ අධිරාජ්‍යවාදීන් පලවා හැරීමට කරන ලද සටන ගැනය. අධිරාජ්‍යවාදීන් ඉතිරිකර ගිය දෙයින් ගැලවීමට ද එය වැදගත් අදහසකි.

 

 

 

 

ආයුබෝවන් සමාචාරයේ අපේ සෞඛ්‍යමය යහපත් සිරිත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

m prash

2020/03/04 – ලංකාදීප

අනන්‍යතාව සම්බන්ධ ගැටළුවක් රටට තිබේ. වසර දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසය ගැන ආඩම්බරයෙන් කතා කරයි. වසර තිස් පන්දහසක කාලයක සිට මානව ජනාවාස තිබුණ බවට සාක්ෂි ඇත. මෙපමණ දීර්ඝ අතීතයක් පවතින නමුත් ශ‍්‍රී ලාංකේය අනන්‍යතාව හමවේ එකගතාවයක් නැත. එයට හේතුවක් තිබේ. බෙදීම් බහුලය. ජාති, ආගම් හා භාෂා වශයෙන් මිශ‍්‍රවීමක් තිබේ. රටට එල්ල වූ ආක‍්‍රමණ මෙකී මිශ‍්‍රවීම හා බේදීම් ඇති කරන ලද බව සදහන් කළ යුතුය. චෝල ආක‍්‍රමණයේ සිට අවසානයේ දී ඉංග‍්‍රීසි ජාතිකයන් දක්වා ලංකාව යටත් කරගත් අතර බැහැර සිට පැමිණි නොයෙක් ජාතීන් එකනෙකට වෙනස් ඇවතුම් හා පැවැතුම් වලට යටත් කළහ. මෙම ආක‍්‍රමණ නතර වී නැත. අද වෙනස් මුහුණුවරකින් සිදුවෙයි. රට රටවලට යන එන හා එම රටවල් සමග පවත්වන සම්බන්ධතා එයට පාදක වී ඇත.

ජන සමාජය එකතු කර එකමුතු කිරීමේ දී ශ‍්‍රී ලාංකේය අනන්‍යතාවයක් ඇති කිරීම අවශ්‍යය. අපේකම සම්බන්ධයෙන් පවතින දුබලතා රට ගොඩනැගීමේ  දී බරපතල බාධකයක් වී තිබේ. ඇදුම පැළදුම, කතා බහ, චාරිත‍්‍ර වාරිත වල සිට සියළු දේ ගැන අලූතින් අවධානය යොමු කිරීම වැදගත්ය. සියළු දෙනා රට එකතු කරන්නට අවශ්‍ය බව ප‍්‍රකාශ කරති. එහෙත් ක‍්‍රියාවට නැගෙන්නේ නැත. අපේකම ගැන නොතැකීම එයට ඇති බලවත් බාධකයකි.

ආයුබෝවන්scan0152 කියන්නට අපට මැලිකමක් තිබේ. එය හොද ප‍්‍රාර්ථනයකි. අමුත්තන් හමුවන විට ආයුබෝවන් කියා එකිනෙකා සමාචාර පවත්වා ගැනීමට යම් ප‍්‍රවේශයක තිබුණ නමුත් අද එය අමතක වී තිබේ. අතට අත දෙන වෙනත් රටක සිරිත වෙනුවට අත් එකතු කර ආයුබෝවන් යැයි සුබපතන්නට නොහැකි මන්ද?

ලෝකයේ නොයෙක් රටවල අනන්‍ය ආචාර විධි තිබේ. බටහිර රටවල කරන සිප වැළද ගැනීම අපට නුහුරුය. ශරීර ස්පර්ශය අවදානමක් වන තරමට හැරී තිබීම අනෙකකි. ලොව පුරා පැතිරෙන කොරොව් -19 වසංගතය ඉතාම භයානක තැනකට හැරී තිබේ. රෝගී පිරිස ස්පර්ශ වීම වයිරසය පතුරවන්නට හේතු වී ඇති බව ප‍්‍රකාශවෙයි. අමුත්තන් හමුවන විට මුළු ගැන්වෙන තත්ත්වයක් අද උදා වී ඇත. අත් එකතු කර ආයුබෝවන් යැයි ප‍්‍රකාශ කිරීම ගැලපෙන සුබපැතීමකි. අපගේ අනන්‍ය ක‍්‍රමය ජගත් ප‍්‍රජාව අතරට යැවිය හැකි අවස්ථාවක දී නිසි පියවර ගැනීම සුදුසුය.

අතට අත දෙන ආචාර ක‍්‍රමය බටහිර අධිරාජ්‍යවාදීන්ට යටත්ව සිටි කාලයේ දී ලංකාවට හුරු වී ඇත. ඉහළ පැලැන්තියේ ස්වදේශිකයන් අතට අත දී බටහිර අනුගමනය කළහ. අතට අත දෙන සම්ප‍්‍රදායක් බි‍්‍රතාන්‍ය රදලයන් අතර නිර්මාණය වන හේතුව ද අවධානයට ගැනීම වැදගත්ය. තමන්ගේ හුරු අත ඉදිරියෙන් සිටින අමුත්තාට දෙන විට ඔහු ට දෙන පණිවුඩයක් ඇත. තමන්ගේ කඩුව ඇද සටනකට සූදානම් නැති බවය. ඉදිරියෙන් සිටින්නා කඩුව හුරු අත තමන්ට දෙන විට මිත‍්‍රයෙකු බව වටහා ගන්නා අමුත්තා ද සිය හුරු අත පා සටනකට සූදානම් නැති බව අගවයි. අදට නොගැලපෙන මෙම ක‍්‍රමය නඩත්තු කරන්නට ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අප උනන්දු වන්නේ ඇයි? බටහිර ඇදුමකින් සැරසී අතට අත දෙනු වෙන්වට රටට ගැලපෙන ක‍්‍රමයකට යා යුතුය.

ආයුබෝවන් යැයි ප‍්‍රකාශ කිරීම පෙරදිග ක‍්‍රමයයි. ඉන්දියාව අත් එකතු කර නමස්තේ වශයෙන් ප‍්‍රකාශ කරන අතර ජපානය ක`ද ඉදිරියට නවා තමන්ගේ ලැදියාව දක්වයි. දෙතුන් වතාවක් කද නවා ආචාර කරන විට අමුත්තා කෙරෙහි ඇති සැලකිල්ල ඉහළ බව පිලිගත යුතුය. ඉන්දියාව, ජපානය හෝ බි‍්‍රතාන්‍ය අනුගමනය කළ යුතු නැති ශ‍්‍රී ලංකාව ලාංකිකත්වය දැක්වෙන ආචාර විධියකට හුරුවීම සුදුසු බව සදහන් කළ යුතුව ඇත.