පිබිදෙන යුගයකට අලූත් රාමුවක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

m prash

2020/06/24 – ලංකාදීප

ලෝක ප‍්‍රජාව අනපේක්ෂිත ඉරණමකට මුහුණ දුන් නමුත් ක‍්‍රමයෙන් එයින් නිදහස් වෙමින් සිටි. කොවිඞ්-19 වයිරසයේ බලපෑම ගැන මෙයින් අදහස් කෙරේ. මිලියන ගණනක් රෝගී විය. ලක්ෂ ගණනක් ජීවිත බිලිගෙන තිබේ. ඛේදවාචකයෙන් පාඩම් ඉගෙනගත් රටවල් නැවත යළි නැගී සිටිමින් අතර අලූත් ජවයක් සහ නව්‍යකරණයක් ද නිරික්ෂණය කළ හැකිය.

අලූතින් ඇතුළුවන යුගය තුළ මෙතෙක් නොතිබුණ පැති වලින් අවස්ථා මතුවෙමින් තිබේ. විද්‍යාව හා තාක්ෂණය වෙත නැඹුරු වී ඇත. බලශක්ති ප‍්‍රභවය බොරතෙල් යුගයේ සිට සූර්ය බලය වෙත පරිවර්තනයකි. භාණ්ඩ ප‍්‍රවාහනයට ඩ්‍රෝන තාක්ෂණය යෙදවෙමින් තිබේ. රාජ්‍ය පරිපාලන හා ජාත්‍යන්තර සම්බන්ධතා වෙනස් ව්‍යුහයක් ගෙන තිබේ. සන්නිවේදන අංශ වේගවත් වී ඇත. ව්‍යාපාර මෙහෙයවන අන්දම පමණක් නොව නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සම්බන්ධ වන ස්වභාවය ද නවතම ප‍්‍රවේශ සහිත බව අධ්‍යයන වාර්තා දක්වයි. අලූත් ආයෝජන සිදුවෙයි. ආයෝජනය කරන අංශවල තිබුණ ගෝලියකරණ ස්වභාවයෙහි වෙනස්කම් ඇති වී තිබේ. ලෝකයේ සිදුවන නව ප‍්‍රවණතා කෙරෙහි පුලූල් අවධානයක් යොමු කළ යුතුය. එය ශ්‍රී ලංකාවේ පිබිදෙන අනාගතය කෙරෙහි තිරණාත්මකය.

ලෝක ආර්ථිකයට ආසියාවෙන් ලැබෙන දායකත්වය ඉහළ යනු ඇති බව කොවිඞ් -19 වසංගතයට කලින් පවා අවධානයට ලක් ව තිබුණ කරුණකි. අද එය යතාර්ථයක් ව තිබේ. බටහිර වෙළ`ද පොල වෙත අවතීර්ණ වෙන්නට කලින් ආසියාවේ රටවල් අතර භාණ්ඩ හා සේවා හුවමාරු අවශ්‍යතා පුලූල් වන බව අනාවරණය වෙයි. කලාපීය වශයෙන් ශක්තිමත් වෙමින් තිබේ. මෙතෙක් කල් ඇමරිකාව, බි‍්‍රතාන්‍ය හෝ යුරෝපා ප‍්‍රජාව වෙත ඉලක්ක වූ විදේශ වෙළදාම කලාපීය වශයෙන් Mprash ppp....කේන්ද්‍රගතවීම අවබෝධකරගත යුතු සංකීර්ණ පැත්තකි.

අපට හුරු වි තිබුණ පැරණි ව්‍යුහය අවසන්ය. ඉදිරි වසර දහය තුළ නිර්මාණය වන ලෝක ස්වභාවයට ගැලපෙන පරිදි තීරණ ගත යුතුව තිබේ. මධ්‍ය පරිමාන ව්‍යවසායකත්වය මෙහි දි ගැටළුවලට මුහුණ දෙනු ඇත. වෙනස්කම් ඇති කරන තීරණ මහා පරිමාන ව්‍යවසායකයන්ට ඉක්මනින් ගත හැකි නමුත් මධ්‍ය පරිමාන පිරිසට අභියෝග මතුවෙයි. සංචාරක, ඇගළුම් අපනයන හෝ තේ කර්මාන්තයේ නියැලි මහා පරිමාන ආයෝජකයන්ට තම අත්දැකිම් සහ වෙළද පොල වෙනස් වන අන්දම ගැන අධ්‍ය්‍යනය කළ හැකිය. සමික්ෂණ කරන්නට හෝ අලූත් පර්යේෂණ වල ප‍්‍රතිපල ලබා ගත හැකිය. එහෙත් මධ්‍ය පරිමාන ආයෝජකයන්ට මුල සිට වෙහෙසෙන්නට සිදුවෙයි. ප‍්‍රතිපත්ති සකස් කරන විට එවැනි පැති ගැන සොයා බැලීම සුදුසුය.

කොවිඞ්-19 වසංගතය හේතුවෙන් දුෂ්කරතාවට පත් වූ කර්මාන්ත හා ව්‍යාපාර නගා සිටුවන පියවර ඇරඹී තිබේ. රජය සහන යෝජනා ක‍්‍රම ගැන යුහුසුළු වෙයි. අඩු පොලි ණය පමණක් නොව නැවත වැඩ පොල ආරම්භ කරන සහාය ප‍්‍රකාශයට පත්ව ඇත. බැංකු හා මුල්‍ය ආයතන වහාම ක‍්‍රියාත්මක නොවීම බලවත් අඩුවක් බව ට චෝදනා මතු වී තිබුණි. වහා පියවර ගෙන තිබේ.

තිබුණ රාමුව නැවත හදන පියවර පමණක් ප‍්‍රමාණවත් නැත. අලූත් තීරණ ගත යුතුය. මෙතෙක් පැවැති ආර්ථික සහ සමාජ ක‍්‍රමය ගැන අතෘප්තියක්  තිබුණ බව නොරහසකි. ආණ්ඩු වෙනස්කර පාලන ව්‍යුහයෙහි පවතින ගැටළු නිරාකරණය කරන සේ ජනතාව ඉල්ලා සිටි බව අමතක කළ යුතු නැත. එක වරක් දෙවරක් නොව සැහෙන අවස්ථා ගණනක ජනතාව කියා තිබේ. කැළඹිලි සහ අවසානයේ දී ත‍්‍රස්තවාදයක් දක්වා විහිදි ගියේ නොවිසදුණු ප‍්‍රශ්න බව මතක් කර දිය යුතුය. නිදහස ලැබූ දිනයේ සිට රටට අනන්‍ය ක‍්‍රමයක් සකස් කරන තෙක් ජනතාව බලා සිටියේය. නැවතත් පුරුදු රාමුව හදන්නට කලින් පිබිදෙන යුගය ගැන හිතන්නට අවශ්‍යය.තරුණ පරපුර ඉල්ලන පරිවර්තනය කුමක්ද? යුක්තිය හා සාධාරණත්වය ඇති කළ යුතුය. වේගයෙන් තිරණ ගත යුතු අතර කුසලතාවයට අවස්ථාවක් ලැබෙන සමාජ ක‍්‍රමයක් ගොඩනැගීම වැදගත්ය. එළැඹෙන මහ ඡන්දයේ දී ජනතා අභිලාශ උච්ඡතම තැනකට එනු ඇති අතර බැංකුවෙන් ණයක් දී ස්වයං රැකියාවකට තල්ලූ කිරීමකට වඩා නිර්මාණශීලි යමක් රටට අවශ්‍ය වී තිබේ.

විපත් අවස්ථාවකදී පිහිටට සහන සලසන සපිරි ක්‍රමයක් ඔිනෑ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

m prash

2020/06/ 17 – ලංකාදීප

බැංකු හා මුල්‍ය අංශයෙහි ක‍්‍රියාකාරිත්වය ගැන පොදු ජනතාවට බරපතල ප‍්‍රශ්න තිබේ. මෑත කාලය තුළ බරපතල තත්ත්ව ගණනාවක් ඇති විය. ණය ගෙවා ගත නොහැකි වූ ගොවිහු දිවි නසා ගැනීම දේශපාලනය උණුසුම් කළේය. රන් භාණ්ඩ උකස් කළ දුප්පත් ජනතාවට ඒවා බේරා ගත නොහැකි වී තිබුණි. රන් උකස් පොලී කපා හරින බව ඡන්ද පොරොන්දුවක් බවට හැරිණ. ක්ෂුද්‍ර ණය ක‍්‍රමය ද බලවත් පීඩනයක් ඇති කළේය. උතුරු නැගෙනහිර ප‍්‍රදේශ ඇතුළු රට පුරා තැන් වලින් ණය ගෙවා ගත නොහැකිව දිවි නසාගත් කාන්තාවන් දෙසිය ගණනක් ගැන ඉකුත් රජය කාලයේ පාර්ලිමේන්තුවේ දි ප‍්‍රකාශ වී ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් අය කරන වාර්ෂික පොලිය සියයට තිහ දක්වා අඩු කරන නිති පනවන්නට සිදුවිය.

කොවිඞ් -19 වසංගතය හෙයින් බලවත් දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති රට තුළ පවතින ණය ගැති භාවය බලවත් සමාජ අර්බුදයක් බව පෙනේ. නියමිත පරිදි ගෙවා ගත නොහැකි වූ පුද්ගලයෙකු වෙනුවෙන් කතා කරන්නට ඉදිරිපත් වූ මිනිසෙකුට පහර දී මරා දමන ලද බව වාර්තා වන අතර එය ඉමහත් m prash lllආන්දෝලනයකට ලක් ව තිබේ. පවතින ආර්ථික දුෂ්කරතා හෙයින් ණය අය කරගැනීම මාස හයකට තාවකාලිකව අත්හිටුවන ලෙස රජය නිවේදනය කර තිබිය දී ණයට හිලව් වශයෙන් තී‍්‍ර රෝද රථය ලීසිං සමාගම භාරයට ගෙන ඇත. එක වාරිකයක් ගෙවා නිදහස් කරන ලෙස කරන ලද ඉල්ලීම දුර දිග ගොස් මරණයකින් කෙළවර වී තිබේ.

ගිවිස ගත් පරිදි ණය ආපසු නොගෙවන පුද්ගලයන් හෙයින් මෙරට බැංකු හා මුල්‍ය අංශයට ප‍්‍රශ්න ඇති බව සැකයක් නැත. ණය ගෙවන්නට තරම් වත්කමක් නැති අහිංසක ජනතාව මුහුණ දී ඇති ඉරණම එයට වඩා ඛේදජනකය. මෙම දෙපැත්ත දෙස විචක්ෂණශීලීව සලකා යුක්ති සහගත විසදුමක් නිර්මාණය කිරීම අවශ්‍යය.

ඉතිහාසය සලකා බලන විට මෙරට බැංකු ක‍්‍රමය වරප‍්‍රසාද ලත් පැලැන්තියට අයිති වි තිබුණි. අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය දේ නිපදවා අපනයනයෙහි නිරත පිරිසට එවකට බැංකු පහසුකම් සැපයිණ. නිදහස ලැබුණ පසු ව්‍යවසායකත්වය අරමුණු කරගෙන බැංකුව ජනතාව අතරට ගෙන යන්නට උත්සාහයක් විය. සමුපකාර ක‍්‍රමයක් හදා මහජන බැංකුව බිහිකරන්නේ එම අපේක්ෂාවෙන්ය. දශක හතකට පසු පවා ව්‍යවසායකත්වය හදන, පොදු ජනතාවට සමීප බැංකු හා මුල්‍ය ක‍්‍රමයක් මෙරට නැත. පොදු ජනතාවට බැංකුවකින් ලැබෙන සහය අල්පය. ණයක් ඉල්ලා සිටියහොත් ණය ඉල්ලන ප‍්‍රමාණයට වඩා වත්කමක් තමන් සතු බව ලිඛිතව ඔප්පු කරන්නට සිදුවී තිබේ. ඉඩමක් හෝ ඉහළ සමාජ මට්ටමක් නැති පුද්ගලයෙකුට බැංකුවක් හෝ රජයේ ලියාපදිංචි මුල්‍ය ආයතනයක පිහිටක් නැත. කොතැනකින් හෝ සිය අවශ්‍යතාව සපුරා ගන්නා දුගී ජනතාව තම ආදායමෙන් සෑහෙන කොටසක් පොලිය වශයෙන් ගෙවා අවසානයේ දී මැර බලයට ද බිලිවීම අවාසනාවන්ත තත්ත්වයකි.

හදිසි විපත් අවස්ථාවක ආයතන පමණක් නොව ආයතන වලින් ණය ගත් පුද්ගලයනිට ද ආරක්ෂාව සලසන ක‍්‍රම දියුණු රටවල තිබේ. ණය රක්ෂණය එකකි. අනෙක තාවකාලිකව ණය සහන ස`දහා එම රටවල ජාතික ධනය කෙලින්ම වෙන් කිරීමය. පසුව අය කරගත හැකි පරිදි කෙලින්ම සහන දෙන විට පද්ධති ආරක්ෂා වෙයි. ශ‍්‍රී ලංකාවේ ආදායම හා වියදම සලකන විට හදිසි අවස්ථාවක ප‍්‍රයෝජනයට ගැනීමට තරම් වෙන් කළ වත්කමක් නැත. එදිනෙදා වියදම් වලට පවා ධනය හි`ග පසුබිමක දුප්පත් ජනතාවට ජීවත්වීමට අත්‍යවශ්‍ය ආහාර සැපයීම හැර අනෙක් දෙයක් ගැන අවධානය යොමු කිරීම දුෂ්කරය. විස`දුමක් නැති අවස්ථාවක සිය ජීවිතයෙන් වන්දි ගෙවීම එහි අන්තිම ප‍්‍රතිඵලය වී තිබේ.

අතට ලැබෙන හැම සතයක්ම පරිභෝජනයට වියදම් කරන්නට කලින් හදිස්සියක දී ප‍්‍රයෝජනයට ගැනීම අරමුණු කරගෙන වෙන්කිරීම සුදුසුය. ගැමි ගෙදරක පවා මිටි හාල් මුටිටියක් තිබුණි. එය මෙරට සංස්කෘතියේ ලක්ෂණයකි. එදා ආහාරයට ගන්නා හාල් වලින් අත් මිටක් ආපසු වෙනත් භාජනයකට දමා වෙන්කළේ හදිසියකට ගන්නටය. එවැනි වැදගත් තැන් අමතක කළ යුතු නැත. සාමන්‍ය ජනතාවට පවා හදිසියක දී ගැනීම සදහා ඉතිරි කරන අගය කියා දිය යුතුය. ඉතිරි කිරීමකට යා හැකි පරිදි ආර්ථිකය හා බැංකු ක‍්‍රමය නැවත ප‍්‍රතිනිර්මාණය කිරීම රජයේ වගකීමකි. නොවැලැක්විය හැකි විපතක දී ජනතාවට අන් සරණක් නැත. රජය එහි දී නිසි පිලිවෙලක් අනුගමනය කළ යුතුය. සහන ප‍්‍රකාශයට පත් කරන විට ඒවා යතාර්ථවාදි විය යුතු අතර කෙලින්ම ජනනතාවට ලැබෙන්නට සැලැස්වීම වැදගත්ය.

ක‍්‍රමයෙහි පවතින දුර්වල පැති වලින් පාඩමක් ඉගෙන ගැනීම අවශ්‍යය. ඊයේ සිදුවූ අවාසනාවන්ත සිද්ධිය හෙට අමතක කරන සමාජයකින් අනාගතය කෙරෙහි සුබවාදී බලාපොරොත්තු ඇතිකරගන්නට පුලූවන්කමක් නැත. පාඩම අමතක වෙන්නට ඉඩ නොදෙන සේ නිසි පිලියම් යෝජනා කරන බුද්ධි මණ්ඩප වහා ක‍්‍රියාත්මක විය යුතු අතර රටට අවශ්‍ය එවැනි අරගලයකි.

 

 

 

 

 

ගෙදරට වී කාර්යාල වැඩ කිරීමේ සම්ප්‍රදාය කියාදුන් කොරෝනා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

m prash

2020/06/10 – ලංකාදීප

ජන ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට හැරෙමින් තිබේ. ඉකුත් කාලය ජනතාවට බියකරු අත්දැකීමක් විය. ජීවිතබේරා ගැනීම ශ‍්‍රී ලංකාව ලත් ජයග‍්‍රහණයකි. සහන සැලසීමේ පියවර වෙනුවෙන් විශාල පිරිවැයක් දරා තිබේ. සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ නොනවතින අරගලයක නිරත විය. රාජ්‍ය සේවයේ නිලධාරීහු පවා ක්ෂණික තීරණ ගෙන රට අවදානමකට පත්වීම වලකන්නට සමත්විය. කොවිඞ් -19 වයිරසය සම්පූර්ණයෙන්ම තුරන් වී නැත. නැවතත් පැතිරීම වලකා ගැනීම අප සියලූ දෙනාගේ වගකීමකි. උපදෙස් නිසි පරිදි අනුගමනය කළ යුතුය. සාමාන්‍යකරණය තුළ අනවශ්‍ය නිදහසකින් කටයුතු කිරීම සුදුසු නැත. එය තරයේ සිහිතබාගත යුතු කරුණකි.

කාර්යාලය, වැඩ පොල නැවත විවෘත වන විට කලින් තිබුණ කාර්ය බහුල බව හා තදබදය ඇති වෙන්නට ඉඩ තිබේ. පාසල් හා විශ්ව විද්‍යාල යළි ඇරඹන කාල වකවානුව වන විට එය තවත් තීව්ර වනු ඇත. කලබලය තුරන් කරන අලූත් ව්‍යුහයකට ඇතුළු වෙන්නට පුලූවන්කමක් තිබේ. ලෝකයේ සමහර රටවල් සාර්ථකව අත්හදා බලා ඇත. රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඇතැම් රාජකාරි නිවසේ සිට කළ හැකි අතm prash - 10June20lllර එය පිරිවැය අවම කරන හා නාස්තිය සිමාවන පියවරකි.

තාවකාලිකව වසා තිබුණ කාලය තුළ නිවසේ සිට රාජකාරි කරන පිලිවෙලක් නවසිලන්තය ආරම්භ කළේය. සති හතක් සම්පූර්ණයෙන්ම සියළු කටයුතු නතර කර තිබුණි. අත්‍යවශ්‍ය සේවා නිවෙස්වල සිට මෙහෙයැවීය. නවසීලන්තය සාමාන්‍යකරණය වන විට නැවත කාර්යාලයට පැමිණීම අවශ්‍යම නැති බව ඒත්තු ගැන්වෙමින් තිබේ. සියයට හැත්තෑ තුනක පිරිසක් වෙනදා තරම් හෝ එයටත් වඩා කාර්යක්ෂමව සේවය කළ බව ඔටාගෝ විශ්ව විද්‍යාලයේ අධ්‍යනයකට කියා තිබේ. සියයට අසූනමයක් දෙනා දිගටම නිවසේ සිට වැඩ කරන්නට කැමැත්ත පළ කර ඇත. මෙම පිරිස අතරින් සියයට තිස් අටක් මෙයට කලින් නිවසේ සිට රාජකාරි කර අත්දැකීමක් නැති පිරිසකි. සියයට අසූ දෙකක් තමන්ගේ රාජකාරි සදහා අවශ්‍ය සම්පත් නිවසේ ඇති බව සදහන් කරන අතර සියයට දහ හතක පිරිසක් පමණක් යම් යම් පහසුකම් ඉල්ලා අති බව දැක්වෙයි. අගමැතිනි ජසින්ඩා ආඩන් දක්වන පරිදි රාජකාරි ලිහිල්කරණයක් සමාජය අපේක්ෂා කරන අතර එය සේව්‍ය සේවක එකගතාවයෙන් කරගත හැකිය. කොවිඞ්-19 වයිරසය සෑහෙන පාඩම් උගන්වා ඇති බව ඇය සදහන් කරන අතර දින හතරක් වැඩ කරන ඉල්ලීම ගැන ද අවධානය යොමු කර ඇත.

පසුගිය මාස කිහිපය තුළ රට ගමන් කරමින් තිබුණ දිසාව ගැන අපට අත්දැකීමක් තිබේ. දැන් නැවතත් මංතීරු නීතිය ගැන නිවේදන නිකුත්වෙයි. අධික මගින් පිරිසක් සමග පොදු මගී ප‍්‍රවාහන සේවා පැය ගණන් මහමග තදබදයකය. ඒවායේ දුබලතා හෙයින් පුද්ගලික වාහන ඇති තරම් පාරට පැමිණ තිබේ. එය නැවත වියවුලක් ඇති කරන බව නිසැකය. අධික ඉන්ධන ප‍්‍රමාණයක් පුලූස්සන අතර නාස්ති කරන කාලයෙන් කිසිම ප‍්‍රයෝජනයක් නැත. සියළුම දෙනා කාර්යාලවලට පැමිණීම අවශ්‍ය නැත. සාකච්ඡා සහ සම්මන්ත‍්‍රණ දුරස්ථව කළ හැකිය. එය ප‍්‍රවාහන ගැටළු අවම කරනු ඇත. කාර්යාල වල ඉඩකඩ ඉතිරිවෙයි. ගොඩනැගිලි, විදුලිය ජලය හා අනෙක් පහසුකම් සීමා වන අතර එය විශාල වාසියකි. කාර්යාලය යන සංකල්පයේ ආදර්ශවත්ම තැන හැදුනේ අධිරාජ්‍යවාදී පාලන කාලායේය. පෙරදිග ඉන්දියානු සමාගම කාර්යාල පද්ධති හදා නීති රීති හා චක‍්‍රලේඛන හදුන්වාදුන්නේය කර්මාන්ත යුගයේ යටත්ව තිබුන රටවලට හැදුනු ආකෘති නිදහස් සමාජයක තොරතුරු තාක්ෂණ යුගයකට ගැලපෙන්නේ දැයි ප‍්‍රශ්න කිරීම සුදුසුය.

දැනුම පදනම් කරගත් සමාජයක ජීවත්වන අප පැරණි ව්‍යුහයට නැවත ඇතුළු විය යුතු නැත. විප්ලවීය තීරණ ගත යුතුව තිබේ. රට නිසොල්මන් වී තිබුණ කාලය අවස්ථාවක් කරගත යුතු අතර අප සියළු දෙනා සතු වගකීමක් බව දැක්විය යුතුය.

 

 

 

 

 

කොරෝනා මැඩගෙන නව ගමනකට ආරම්භයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

 

 

m prash

2020/06/03 – ලංකාදීප

කොවිඞ් 19 ලෝක වසංගතය කෙබදු අවසානයක් කරා ගමන් කරන්නේ ද යන්න නිශ්චිත නැත. ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වනු ඇත. ආර්ථිකය බිද වැටේ. සියළු වියදම් අභිබවා සෞඛ්‍ය පිරිවැය ඉහළ යන්නට ඉඩ තිබේ. වයිරසය පරාජය කරන ප‍්‍රතිකාර සොයා විද්‍යාත්මක පර්යේෂණ සිදුවන බව ලෝකයේ දසතින් අනාවරණය වෙයි. ව්‍යාප්තිය පාලනය කර ජන ජීවිත ආරක්ෂා කරගන්නට ශ‍්‍රී ලංකාව සමත්විය. ලෝකයේ ඉතා දියුණු රටවල තත්ත්වය හා සසදන විට එය කැපී පෙනෙන ලක්ෂණයකි.

මිනිසුන් ජීවත් කරවීමේ පියවර වැදගත් බව සලකා ආණ්ඩුව තීරණ ගත් බව පැහැදිලිය. වලක්වා ගැනීම සදහා බල කරන අතර සහන අවශ්‍ය ජන කොටස් වලට ආධාර සැපයීය. අවශ්‍ය අවස්ථාවල තද තීරණ ගෙන ජනතාව නිවෙස්වලට සීමා කළේය. ආර්ථික ක‍්‍රියාවලියට එයින් අත්වන ඉරණම නොසලකා හැරියේය. දේශපාලන ව්‍යුහය අභිබවා තාක්ෂණික අංශ ඉදිරියට පැමිණියේය. නිලධාරීහු වැඩ කළහ. විශේෂයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කැපවීම ඉහළින්ම තිබුණි. පොලිසිය හා ත‍්‍රිවිධ හමුදාව දිවා රාත‍්‍රිය නොසලකා සේවය කළහ. දේශපාලනඥයන්ගේ නියෝග වලට අවතන වෙමින් සහ දේශපාලන නායකයන්ගෙන් උත්තරයක් එන තෙක් තීරණ නොගන්නා ආකෘතියක තිබුණ රට අනෙක් ක‍්‍රමයකට හැරිණි. විශේෂඥ අදහස් වලට ජනී ජනයා අවනත වූහ. සියළු මතවාද පැත්තකින් තබා එක අදහසකට ගොනුවූ අතර එය මෑත ඉතිහාසය තුළ දේශපාලනයට කළ නොහැකි වූූ දෙයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය පැත්තකට කළ යුතු බවක් මෙයින් අදහස් නොකෙරේ. අවස්ථානුකූලව සිදුවූ එම කේන්ද්‍රීය වෙනස රට යහපත් තැනකට ඔසවා තිබේ.

කොවිඞ්-19 වයිරසය මැඩ පැවැත්scan0245වීමෙන් පසු ලෝකය අලූත් ආරම්භයකට ගමන් කරනු නිසැකය. ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපන, ප‍්‍රවාහන හා නිෂ්පාදන ඇතුළු සියළු පැති නවතම විද්‍යාත්මක හා තාක්ෂණික යුගයකට ඇතුළුවීමක් අපේක්ෂා කළ හැකිය. විකල්ප ව්‍යුහ හැදෙන්නට බැරි නැත. සාමාන්‍යයෙන් මෙතෙක් තිබුණ ලෝකයේ ගමන් මග තිබුණ වේගය වඩා ඉක්මන්වීමට ඉඩ තිබේ. ඩිජිටල්කරණ භාවිතාව, සමාජ දුරස්ථකරණය වඩා ප‍්‍රායෝගික කරන්නට අවකාශ සලසනු ඇත. එමගින් ලබාගත හැකි අවස්ථා නොසිතන, නවතම පැති විවර කරන්නට ඉඩ තිබේ. ශ‍්‍රී ලංකාව රටක් වශයෙන් මෙකී පරිවර්තනය ගැන අවධානය යොමු කරන්නට අවශ්‍යය. වයිරසය තවමත් පවතින අතර වැඩ කරන්නට සූදානම්වීම කාලෝචිතය. ජනතාව ආරක්ෂා කරගැනීමේ අවකාශයෙන් පසු ජීවනෝපාය නැවත අරඹන අභියෝගය එල්ල වී තිබේ.

අර්බුදකාරි අවස්ථාවක ගත යුතු තීරණ ඉමිහිරි ඒවා නොවේ. තද තීන්දු හා ප‍්‍රතිසංස්කරණ හැර අනෙක් මාවතක් නැත. රට නැවත සකී‍්‍රය කරනු අරමුණු කරගෙන අනුගමනය කරන ප‍්‍රතිපත්ති වලින් ආණ්ඩුවට ජනප‍්‍රියත්වයක් නොලැබේ. දේශපාලන ප‍්‍රතිරූප ගැටළු සහගත තැනකට පත් කරනු ඇති අතර එහි අවසාන ප‍්‍රතිපලය නැවත පැවැති පුරුදු විලාසය මතුකිරීමය.

මාස දෙකක පමණ කාලයක් නිලධාරීන් භාරයේ තිබුණ පාලනය නැවත දේශපාලනඥයන්ගේ අතට මාරු වන මොහොත උදා වී තිබේ. ජීවනෝපාය අරඹන පියවරට සමාන්තරව එය සිදුවෙමින් පවතින බව දැක්විය යුතුය. වයිරසයේ ග‍්‍රහනයෙන් ගැලවෙමින් වැඩ පොලට යන අතරවාරයේ නැවත දේශපාලන හඩට අවනත විය යුතුය. දේශපාලනඥයන් හැසිරෙන අන්දම ගැන ජනතාව ප‍්‍රශ්න කරන්නට පටන්ගෙන ඇත. එයට යම් විරුද්ධතා පැන නැගෙමින් තිබේ. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තවත් ලක්ෂණයකි. අසාධාරණකම්, සමාජ වෛරය සහ එහි ප‍්‍රතිපලයක් ලෙස ගැටුම් ඇති විය හැකිය.

පවතින අවකාශය තුළ ජනතාව සතු වගකීම ඉමහත්ය. කොතැන, කෙලෙසක කුමක් සිදුවුව ද තමන් ආරක්ෂා විය යුතුය. පාලනය කරගෙන ඇති වයිරසයේ දෙවැනි රැල්ලක් නැගෙන්නට ඉඩ තිබේ. රෝහල්වල හදිසි  ප‍්‍රතිකාර ඒකක වලට දරාගත හැකි මට්ටම අභිබවා ගියහොත් බලවත් අනතුරකි. පක්ෂ හා විපක්ෂ මතවාදවලින් පැන නැගෙන තත්ත්වය අනෙනකි. නැවත සාමාන්‍යකරණය වන අවස්ථාවක නිසි පිලිවෙත් අඛණ්ඩව අනුගමනය කර ස්වකීය ආරක්ෂාව කෙරෙහි සැලකිල්ල ඉතාම වැදගත්ය.