ආහාර ඉල්ලන මිනිසුන්ට ව්‍යවස්ථා සම්පාදනය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2022/04/27 ලංකාදීප

ජනී ජනයා ගේ අගරලය එදිනෙදා ජීවත්වීම සදහාය. ඔවුහු ආව්ගයෙන් සිටින අතර ජීවන වියදම ගැන දුක්වෙති. මහජන නියෝජිතයෝ පාර්ලිමේන්තුවේ දී අලූත් ව්‍යවස්ථාවක් ගැන තර්ක කරමින් සිටිති. ප‍්‍රංශ විප්ලවයේ සිදුවූයේ කුමක්ද? සාගින්දරෙන් පෙලූණු දුප්පත් මිනිසුන් පාන් ඉල්ලා සිටි අතර මාරි ඇන්ටොනොයිට් රැුජන පාන් බැරිනම් කේක් කාපල්ලායැයි ප‍්‍රකාශ කර ඇති බව කියැවේ. ඉතිහාසයේ පමණක් නොව අදටත් පාන් සහ කේක් වල වෙනස නොදන්නා පාලකයෝ වෙති.

ශ‍්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකය. මහජනතාව ආණ්ඩුවට විරුද්ධව පාරට බැස තිබේ. දේශපාලනය එපා වී ඇත. ක‍්‍රමය වෙනස් කරන සේ බල කරමින් සිටිති. දුක් විදින ජනතාවට පක්ෂ පාට බේධයක් නැත. එදා වේල සදහා යමක් උපයන්නට වැර දරන දස ලක්ෂ සංඛ්‍යාත පිරිස මුහුණ දී ඇති අපහසුතාවක තරම තේරුම්ගත යුතුය. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය නඩත්තු කිරීම සදහා වන්දි ගෙවන අපි ඉල්ලන්නේ විසදුම්ය.

ව්‍යවස්ථා වෙනස් කිරීම ජනතාව මුහුණ දී ඇති අර්බුදයට උත්තරයක් ද? 1994 වසරේ සිට විධායක ජනාධිපති තනතුර ආහෝසි කරන පොරොන්දුවක් තිබේ. බලය අත් හරින බවට වේදිකාවේ දී පොරොන්දු දෙන දේශපාලකයෝ බලයට පත් වූ පසු පොරොන්දු මග හරිති. තනතුර ආරක්ෂා කරගෙන පැවැත්ම හදා ගනිති. දශක තුනක පමණ කාලයක් තිස්සේ ව්‍යවස්ථා ගැන කතාකරමින් නාස්ති කළ කාලය ආර්ථිකය නගා සිටුවන වැඩ පිලිවෙලක් සදහා භාවිතා කළේ නම් අද ශ‍්‍රී ලංකාව ඉතා සංවර්ධිත තැනකි. එදා ගහක් පැල කළේ නම් අද එහි අස්වැන්න ලබන කාලයයි. අනුවණකම්වල කෙළවරක් නැති අපට අදටත් නිසි මාර්ගය සොයා ගත නොහැකි වී තිබේ. රට ගොඩනගන හරවත් සංවාදයකට ඇතුළුවිය නොහැකි වී ඇත. නොනවතින විරෝධතාවයක් ගාලූ මුවදොර ප‍්‍රදේශයේ පවත්වාගෙන යන අතරතුර රැස් වූ පාර්ලිමේන්තුවට පැති ගණනාවකින් අලූත් ව්‍යවස්ථා සංශෝධන සෑහෙන ප‍්‍රමාණයක්  ඉදිරිපත් කොට තිබේ. රජයෙන් විපක්ෂ කණ්ඩායම්වලින් පමණක් නොව සිවිල් සංවිධාන පවා යෝජනා ඉදිරිපත් කර ඇත. මෙම යෝජනා සාකච්ඡා කර විවාද කළ හැක. පාර්ශව ගණනාවක කරන සංවාද අවසානයේ තීරණයක් රහිතව කෙළවර වනු ඇති බව නිසැකය.

ආහාර හිගය, බලශක්ති ප‍්‍රශ්න, බෙහෙත් හේත්, අධ්‍යාපනය හෝ මුල්‍ය පද්ධතියේ  අවහිරතා නිසා මිනිසුන් මුහුණ පා සිටින ඉරණම ව්‍යවස්ථාවකින් විසදිය හැකිද? මහජන නියෝජිතයෝ වගකීමක් ඇතිව කටයුතු කළ යුතුය. ජනාධිපති හෝ අගමැති පුටුවේ ඊළගට වාඩිවෙන්නේ කවුද හෝ බලතල ගැන මෙම මොහොතේ සාකච්ඡා කළ යුතු දෙයක් නොවේ. දුප්පත් ජනතාව අසරණ වී සිටින අවස්ථාවක පුරුදු පරිදි ව්‍යවස්ථා ප‍්‍රශ්න හුවා දක්වා කල්මැරීම කිසිසේත් අනුමත කළ නොහැක. එකමුතුව හා සම්මුතිය නොතකා තීරණ ගැනීමේ විපාක අද අප අභිමුවෙහි ඇත. ප‍්‍රශ්න ගැන නොසලකා ක‍්‍රියා කරන දේශපාලන ක‍්‍රමය විශාල ගැටළු ඇති කරගෙන ඇති අතර එය විශාල වරදකි.

මැදි ආදායම් සමාජය සංකීර්ණ අවශ්‍යතා සහිතය. ජනතා අවශ්‍යතා විවිධාකාරය.  එදිනෙදා පැවැත්ම අවහිර කරන තීරණ කිසිසේත් නොගැලපෙන අතර පැරණි පෝලිම් ක‍්‍රමයකට නැවතත් හැරවීම නොගැලපෙන බව වටහා ගත යුතුය. ප‍්‍රශ්න වලට මුහුණ දෙන්නේ නැති පාලකයන්ද, පැලැස්තර විසදුම් යෝජනා කරන ලද නිලධාරීහු ද අද පවතින තත්ත්වයට වගකිව යුතුය. ආර්ථිකයේ හදිසි අවස්ථාව කළමණාකරනය කරගෙන, පාලනය කරගත හැකිව තිබිය දී එය දේශපාලන අර්බුදයක් දක්වා කැදවීම අභාග්‍යයකි. දේශපාලනඥයන් හා නිලධාරීන් සමාජය ගැන අවබෝධයෙන් තීරණ ගත යුතුව ඇති අතර ඒවා ප‍්‍රායෝගික විය යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය බව දක්වන මහජන නියෝජිතයෝ ව්‍යවස්ථා ගැන කතා පැත්තකට දමා මහජනතාවගේ මුලික උවමනාවන් සම්පූර්ණ කිරීමට වහා පෙළ ගැසිය යුතුය.

අද පාර්ලිමේන්තුවේ සිටින දෙසිය විසි පස්දෙනා මෙරට පැවැත්ම තීරණය කරනු ඇත. ත‍්‍රස්තවාදය මැඩ පවත්වන නීති පැනැවිය හැකි නමුත් මහජන ගංගාව හරස් කරන්නට ව්‍යවස්ථාවලට හැකියාවක් නැත. ආණ්ඩු මාරු කිරීම හෝ පුද්ගලයන් වෙනස් කිරීමෙන් ආර්ථිකය හැදෙන්නේ නැත. දැන් පවතින ව්‍යසනයෙන් ගැලවෙන්නට හදිසි හා වදගත් තීරණ ගත යුතුය. ව්‍යවස්ථා හදන්නට කලින් මහජන නියෝජිතයන් සියළුදෙනා එකතු වී ආර්ථිකය ගොඩනගන නිවැරදි තීරණ ගැනීම මුළු මහත් ජාතියට කරන විශාල සේවයක් බව දැක්විය යුතුය.

භාග්‍යවන්ත මාසයේ නෙලා ඇති අස්වැන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2022/04/11 – ලංකාදීප

අප‍්‍රියෙල් මාසය භාග්‍යවන්ත කාලයකි. ජෝතිෂ්‍යයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වෙන්නේ බක් මාසයේ දී ය. සුර්යයා ගේ ගමන පෙරදැරි කරගෙන උත්සව පැවැත්වීම අපගේ සංස්කෘතියෙහි කොටසකි.

බක්මාසයේ උදාව සමග උත්සව සිරිය ඇති වෙයි. ගහ කොළ මල් වලින් පිරේ. කොහා ගේ කූජනය අවුරුදු කාලය බව ළමා ලපැටියන්ට අගවයි. අස්වනු නෙලා රැස්කරගන්නා අතර කෙත්වතු සාර වී ධන ධාන්‍යයෙන් පොහොසත වෙයි. සශ‍්‍රීකත්වය, බක් මාසයේ සතුට තවත් නංවයි. දූදරුවන්, ඥාතීන් සහ අසල්වැසියන්  සමග පී‍්‍රිතිවීම අලූත් අවුරුද්දේ ප‍්‍රධාන අංගයකි. ආහාර හා රස කැවිලි විශේෂයෙන් සූදානම් කෙරේ. නැකැත් චාරිත‍්‍ර අනුව මුළු රටම එකවර පැරණි සිරිතට අනුව වැඩ කටයුතු අරඹයි. හෙට උදෑසන අට පසු වී විනාඩි හතලිස් එකයි තත්පර දහ හතට අලූත් අවුරුද්ද උදාවන බව නැකැත් කමිටුව දක්වා ඇත.

උදා වෙන අලූත් අවුරුද්ද, එතෙක් මෙතෙක් ඉතිහාසයේ නොවූ මොහොතක් බවට හැරවෙමින් පවතී. පසුගිය වසර දෙක තුළ සිත් සේ අවුරුදු නොතිබුණි. කොවිඞ් වසංගත තත්ත්වය බුර බුරා ඇවිලෙන කාලයක මොන අවුරුදු ද යන්න සිතට නැගී තිබුණ ප‍්‍රශ්නයකි. රෝග බිය සෑහෙන ප‍්‍රමාණයකින් අඩු වී තිබේ. ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත. කෙසේ නමුත් භාග්‍යවන්තභාවය අපේක්ෂා කරන අපගේ සිත් අවිනිශ්චිතය. අප සියළු දෙනාටම වෙනස් ආකාරයේ අත්දැකීමකය. වපුරන ලද දෙය අස්වැන්න වශයෙන් අපට ලැබී ඇත. රටක්, සමාජයක් වශයෙන් අප ගේ තීන්දු තීරණ වල ප‍්‍රතිඵල අප ඉදිරියෙහි තිබේ. එකිනෙකා වෙත ඇගිල්ල දිගු කළ හැක. විවේචන, දොස් පරොස් අපමණය. කෑ ගසා, නගන විලාපය කොපමණ ශක්තිමත් නමුත් අතීතය නැවත වතාවක් අපට ගැලපෙන පරිදි නිර්මාණය වෙන්නේ නැත. අපට කළ හැකි එක දෙයක් තිබේ. අප සියළුම දෙනා එකතු වී අනාගතය අලූතින් සකස් කරගත යුතුය.

දේශපාලනඥයන් වශයෙන් ගත් වැරදි තීරණ අප අභිමුවෙහි ඇත. විද්වතුන්, ආර්ථික විශේෂඥයන් ගේ අතපසුවීම් හෝ හිතාමතාම අනුගමනය කරන ලද පිලිවෙල අසාර්ථකත්වයට හේතුවක් බව පෙනේ. සමාජ නායකයන් ස්වකීය වගකීම නිසි පරිදි ඉටු කර නැත. ආගමික නායකයන්, රට තුළ ප‍්‍රතිශ්ඨාපනයක් අරමුණු කරගෙන අනුගමනය කරන ලද පිලිවෙල නරකට ප‍්‍රතිඵල ඇති කර දී තිබේ. සමාජය ඥාණනය කරන්නට ජන මාධ්‍ය සමත්ව තිබේද? සමාජ මාධ්‍ය ඇති කරන ලද ව්‍යාකූලත්වය විශාල කැළැඹීමකට හේතු වී ඇති බව නොරහසකි. කැඩපත හමුවට පැමිණිය යුතු අසල්වැසියා නොවේ. ප‍්‍රශ්න කළ යුතු ඉදිරියෙන් සිටින්නාගෙන් ද නොවන බව අවධාරණය කළ යුතුය. අප සියළුම දෙනා අඩු වැඩි වශයෙන් කොටස්කරුවෝය.

මම දකින ආකාරයට ජන සමාජය නෙලා ගෙන ඇති අස්වැන්න ආර්ථික ප‍්‍රශ්නයකි. ඔබ දකින්නේ එය දේශපාලන කණ්ඩායමක බලය පිලිබද එකක් බව මම දකිමි. ව්‍යවස්ථාව හෝ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ ලෙස දකින තවත් කොටසක් ද අප අතර සිටී. අධ්‍යාපන ක‍්‍රමයෙහි වරද, ඉතිහාසය අමතක කිරීම වැනි කාරණා ද පවතින සංකීර්ණ ගැටළුවට තවත් හේතු වශයෙන් දකින බව නිසැකය. සංස්කෘතික ප‍්‍රශ්නයක්, සමාජයේ පවතින බෙදීම් වශයෙන් අර්ථ දක්වන්නට ද හැකිය. යුද්ධය හා අප සියළු දෙනා පීඩාවට පත් කළ ත‍්‍රස්තවාදය බව ද තවත් පැත්තකින් කරුණු ගොනු කළ හැක. සමාජ විශ්වාසය බිද වැටීම, බුද්ධිමතුන් රට හැර යෑම යනාදී  වශයෙන් දහසකුත් එකක් කරුණු අප ඉදිරියේ එකතු වී ඇත. මේවා එකක් හෝ විශාල ප‍්‍රමාණයක් එකතු වී අද පවතින වියැවුල ඇති කර තිබේ.

විකෘතියතින් ප‍්‍රකෘතිය ඇති නොවේ. සියල්ල වැනසීම නිසි මාර්ගය විය නොහැක. විසදුම සොයා ගත යුතු අප සියළු දෙනා ගේ එකමුතුවකින්ය. වෙනස් වෙනස්ව හිතන අප එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් තුළ එකට සාකච්ඡා කර, එකට ගණන් බලා කරන පිලිවෙල හැර විකල්පයක් නැත. කැපවීම ඉතා වැදගත්ය. අප සියළු දෙනාම පියවරක් ආපසු ගත යුතුය. අභාග්‍ය ඉදිරියේ තව තවත් වාද කරමින්, සේනා මෙහෙයවීම සුදුුසු නැත. බලය ලබාගත යුතු පක්ෂය හෝ පුද්ගලයා වැදගත් නැත. බලය ලැබිය යුතු මහජනතාවටය. ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන ප‍්‍රතිපත්ති කෙරෙහි සාවධාන වුවහොත් පමණක් ලබන අවුරුද්දේ අපට භාග්‍යවන්ත මාසය උදාවනු ඇත. එවැනි සටනක් සදහා සැලැස්මක් සකස් කරගැනීමට අලූත් අවුරුද්ද හොද ආරම්භයකි.   

ජනතා විශ්වාසය රැකගන්න බැරි වුණොත් බිහිසුණු ප්‍රථිපල

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2022/04/06 – ලංකාදීප

දරුණු ආර්ථික අර්බුදයකින් පීඩාවිදිමින් සිටි ජනතාව පාරට බැසීම එක්තරා හැරවූම් ලක්ෂයකි. පාලන ක්‍රමයට විරුද්ධව නැගෙන බලවේගය මැද පන්තියේ නැගී සිටීමකි. අවස්ථා අහිමිවීම පිලිබදව ඛෙදවාචකයේ පැතිකඩකි. ජනතාව වෙත බරපටවන ක්‍රමය උසුලන්න සමාජය සූදානම් නැත. පරිවර්තනයක් අවශ්‍යය. ක‍්‍රමය ගැන විශ්වාසය ඉතාම වැදගත්ය. නායකත්ව ගැන විශ්වාසය ඉහළින්ම තිබිය යුතුය. විශ්වාසය පලූදු වූ සමාජයක අවසානය බිහිසුණුය.

ශ‍්‍රී ලංකාව ලෝකයේ වාසනාවන්තම රටවල් අතරින් එකකි. අවාසනාවකට අප අතර එකගතාවය නැත. විශ්වාසය පලූදු වී තිබේ. සමාජ නායකත්ව, ආදර්ශවත් චරිත, පරමාදර්ශී හැසිරීම නොසලකා හැර ඇත. ආගම, සංස්කෘතිය හෝ පරපුරෙන්න පරපුරට දායාද කරන සිරිත් විරිත් අමතක කර තිබේ. මෙම පසුබිමට හේතුව වටහා ගත යුතුව ඇත. අවස්ථාවාදී දේශපාලන සටන් අපගේ විශිෂ්ඨ අනන්‍යතා පලූදු කර ඇත. පැලැන්ති, ගෝති‍්‍රික වශයෙන් සමාජය බෙදා වෙන්කර නාස්ති කර තිබේ. පරෙස්සමෙන් අධ්‍යනය කළහොත් ජාතිය, ආගම හෝ කුලය අභිබවා ගිය විශාල දෙදරීමකි. මෙම වියැවුල තුළ එකතුවීමක් නැත. බලාපොරොත්තු   විය නොහැක. ඉතාම බරපතල වසංගත තත්ත්වයක්, ඉවසාගත නොහැකි තරමට පීඩා අත් කරගෙන ආර්ථික අර්බුදයක් කෙළවර කරගැනීමට එකතු නොවීම මෙහි බරපතලකම මැනැවින් දක්වයි.

මුලින් ද සදහන් කළ  පරිදි විශ්වාසය බිද වැටීම රටට ඇති බලවත්ම ගැටළුවකි. ආගමික නායකයෝ, ජාතික නායකයෝ සහ දේශපාලන නායකයෝ කෙරෙහි ඇති විශ්වාසය හා ගෞරවය ගැන හිතන්න. එක පැත්තකින් ඔවුහු ඒවා අහිමි කරගෙන සිටී. අනෙක් පැත්තෙන් සිනි ගෞරව පිරිනමා විශ්වාසය ඇති කරගන්නට සමාජයේ බහුතරයක් දෙනා සූදානම් නැත. මෙම අන්ත දෙක අපගේ පිරිහීම දක්වයි. විශ්වාසය බලහත්කාරයෙන් නිර්මාණය කළ නොහැක. ඉතාම දක්ෂ පිටපත් රචකයන්ට හෝ නිර්මාණවේදීන්ට විශ්වාසයක් තිබෙන බව චිත‍්‍රණය කර පෙන්වන ව්‍යාජෝක්තියක් ඇති කරන්නට බැරිකමක් නැත. එහෙත් එය තාවකාලිකය. ආලෝකයට නිරාවරණයවන විට ඇතුලාන්තය හෙළිදරව් වෙයි.

රටට අවශ්‍ය අවංක භාවයකි. අවංකව කි‍්‍රයා කිරීමෙන් තහවුරු කරගත් විශ්වාසයක් ඇති වෙයි. සැක දුරු කෙරෙන විනිවිද පෙනෙන චරිතවලට සමාජයේ ගෞරවය දිනාගත හැකිය.

ඉතිහාසයේ නොතිබුණ තරම් ප‍්‍රබල ආර්ථික පීඩනයක් ඉදිරියේ ජනතාව ප‍්‍රකෝපවීම අපේක්ෂා කළ යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ජනතාව තුළ නැගෙන පීඩනය පිට කළ හැකි යාන්ත‍්‍රණ ඇත. ජනතාවගේ කැමැත්ත, තීරණ විමසා බලන පිලිවෙලක් තිබේ. මැතිවරණ හා සමාජ සමීක්ෂණ ඒ අතර ප‍්‍රධානය. මහජනතාව අතරට ගොස් ඔවුන් සමග කරන සාකච්ඡාවකින්, සංවාදයකින් පීඩනය ලිහිල්වෙයි. බලාපොරොත්තු ඇති කෙරේ. විශ්වාසය දියුණුවෙයි. ජනතාවගෙන් ඈත්වන ආගමික, සමාජ නායකයෝ සහ විශේෂයෙන් මහජන නියෝජිතයෝ අද පවතින අභාග්‍ය සම්පන්න අවස්ථාව දක්වා රට තල්ලූ කර ඇත. මෙතැනින් ගැලවීම ද අප සියළු දෙනාගේ ප‍්‍රයත්නයකි. ලෝකයේ අනෙක් රටකින්, අනෙක් නායකයෙකුගෙන් හෝ ප‍්‍රාතිහාර්යයකින් අලූත් දෙයක් අපේක්ෂා කළ නොහැක.

අන්තවාදී බලවේග, ඒවා පිටුපස සිටින මෙහෙයවන පිරිස් ඇති කරන ව්‍යාකූල තත්ත්වය ගැන ද සදහන් කිරීම වටී. මෑත කාලය තුළ රටක සිටිය යුතු වටිනාම හා ධෛර්යය සම්පන්නම තරුණ ජීවිත අපට අහිමි කළේ ගැටුම් හා අරගල බව මතක් කළ යුතුය. අරගල කළ යුතු ක‍්‍රමය වෙනස් කරන්නටය. පුද්ගලයන් පලවා හැරීමෙන් ක‍්‍රමය වෙනස් වෙන්නේ නැත. පුද්ගලයන් පලවා හැර අලූත් නායකයන් මහ ඉහලින් ඔසවා තබන අප සියළුම දෙනා නායකයන්ගෙන් මැජික් විසදුම් අපේක්ෂා කරන අතර මැජික් පෙන්වන ක‍්‍රමය එකම බව දැනෙන්නට වැඩි කල්යන්නේ නැත.

සිස්ටම් ජේන්ජ් එකක් සදහා ප‍්‍රයත්නයක් රටට උවමනා කර තිබේ. ජනතාවට සේවය කරන, ජනතා අවශ්‍යතා වහා සාක්ෂාත් කරන ක‍්‍රමය අලූතින් හදන්නට අවශ්‍යය. නිලධාරීවාදය, ආකාර්යක්ෂමතාව සහ යල් පැනගිය නීති ජනතාව අවුලූවන මතුපිටට නොපෙනෙන දරුණු බලවේග වන අතර අලූත් වෙනසක් ඇති කරන්නට ඉඩ නොදෙන, විහ්වාසය පලූදුකරන තැන් බව වටහා ගැනීම ද වැදගත්ය.

ඊලග ඡන්දය ගැන නොව රට ගැන සිතා තීරණ ගනිමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2022/03/23 – ලංකාදීප

අප ගැන අපට ඇත්තේ මහත් ආඩම්බරයෙකි. අපේකම ගැන කතාකරන්නේ ඉහළින්ය. කිසිම රටකට හෝ ජාතියකට දෙවැනි වෙන සූදානමක් නැත. අපේකම කෙසේ වෙතත් එදිනෙදා පැන නැගෙන ප‍්‍රශ්නවලට උත්තර සොයන්නේ පිටස්තරයන්ගෙනි.

දේශපාලන, ආර්ථික හෝ සමාජ ප‍්‍රශ්න පැන නැගීම සාමාන්‍ය දෙයකි. වරින් වර ගැටළු ඇතිවෙයි. නිරාකරණය කරගැනීමේ නොහැකියාවක් නැත. පමා කළහොත් දැවැන්ත අර්බුද බවට පත්වෙන්නේ සුළු ප‍්‍රශ්න බව සදහන් කළ යුතුය. නියපොත්තෙන් කඩාදමන්නට හැකි පැලෑටි පොරවකින් කපන්නට පවා නොහැකි තැනට පත්වන තෙක් බලාසිටින්නට සමත්කමක් අපට තිබේ.

මෙවැනි සදහනක් කරන්නට හේතු වූයේ ඇයි? මහජනතාව අතිශය පීඩාකාරී තැනකය. ජීවන වියදම මහත් ප‍්‍රශ්නයකි. භාණ්ඩ හිගයක් පවතින අතර වෙළද පොල පාලනයක් නැත. දේශපාලන පක්ෂ අවුලූවන විරෝධතා සමාජය නොසන්සුන් කර ඇත. කෘෂිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත‍්‍රවල පවා සංකීර්ණ තත්ත්ව වාර්තා වෙයි. නිදහසට පසු උද්ගත වූ දරුණු ආර්ථික අර්බුදයක් බව පැහැදිලිය.

විශාල බලාපොරොත්තු සහිතව ආණ්ඩුවක් බලයට පත්කරගත් පොදු ජනතාව කලකිරීමක බව සදහන් කළහොත් එය වරදක් නොවේ. මෙරට ඉතිහාසය මෙවැනි අවස්ථා වලින් බහුලය. ගැටුම්, අර්බුද, විපත් සහ අරගල අලූත් දේ නොවේ. ඒවා අලූත් නොවන හා සමානවම විසදාගන්නට දරන ප‍්‍රයත්න ද පැරණි සම්ප‍්‍රදායික ආකෘති බව සදහන් කළ යුතුය. එන පාර්ශවයක් යෝජනා කරන කිසිම දෙයකට අනෙක් පාර්ශවය එකග නොවේ. අනෙක් පාර්ශවයකට සවන් දෙන්නට සූදානම් බලය ඇති අය සූදානම් නැත.  සමාජය එකතු වී එකමුතු වී විසදුමක් සොයාගන්නට උවමනාවක් නැත. අවසානයේ සිදුවෙන්නේ කුමක්ද? ක‍්‍රමය අර්බුදයකට ලක් වෙයි. ජනතාව විපතකින් තවත් විපතකට පත්වේ. නායකයන්ගේ වගකීම ජන ජීවිතය අපහසුතාවයකට පත් කිරීමද? දැනට උද්ගතව ඇති ව්‍යාකූලත්වය පාලනය කරගන්නට අපට එකතුවිය නොහැකි ඇයි?

එකතුවී සාකච්ඡාකර එකගත්වයකට පැමිණෙන සූදානමක් නැති අපි, විසදුම බැහැරින් අපේක්ෂා කරන්නෙමු. ලෝකයේ වෙනත් රටකින් වෙනත් සංවිධානයකින් බලකරන ක‍්‍රමයකට හැඩගැසෙන්නට සූදානම්ය. මානව හිමිකම් ප‍්‍රශ්න ඉදිරියේ අර්බුදයක සිටින ශ‍්‍රී ලංකාවට විසදුම යෝජනා කරන්නේ ජාත්‍යන්තර ප‍්‍රජාවයි. ආර්ථිකය අර්බුදය සලකා ආදායම හා වියදම ගලපන්නට එන්නේ විදේශ රටවල්ය. ජාත්‍යන්තර සංවිධාන අපට රාමුවක් හදන්නට සූදානම්වෙයි. දෙමල ජාතිකයන් සිය ප‍්‍රශ්න ගෙනයන්නේ ඉන්දියාවටය. මුස්ලිම් ජාතිකයෝ තමන්ගේ ප‍්‍රශ්නවලට මැද පෙරදිග රටවලින් සහාය ලැබෙන තෙක් බලා සිටිති. තරුණ පරපුර අනාගතය ගොඩනගාගන්නට තැත් කරන්නේ වෙනත් රටකින්ය. මේවා සාවධානව කල්පනා කළ යුතු කරුණු බව පෙනේ.

අපට විසදුමක් නැති, විසදුමක් සොයාගන්නට ප‍්‍රයත්නයක් නැති පසුබිමක පිටස්තරයන් වෙත නැඹුරුවෙන ප‍්‍රවණතාවයක් ඇත. අපේ ජනතාව ලෝකයේ වෙනත් තැනකින් උත්තර සොයන තැනට පත්වීම ගැන අප සියළුම දෙනා වගකිව යුතුය. ජාතික, ආගමික හා දේශපාලන නායකයෝ කම්පාවට පත්විය යුතු අතර තමන්ගෙන් ඉටුවිය යුතුව තිබුණ කාර්ය භාරය සාක්ෂාත් නොකිරීම ප‍්‍රශ්නවලට මුල බව වටහා ගත යුතුය. පවතින අර්බුද මෙනෙහි කර ජනතාව හමුවට පැමිණ ස්වයං විවේචනයක් කළ යුතුව ඇති අතර එය මෙම තීරණාත්මක අවස්ථාවේ ගත හැකි එක වැදගත් තීන්දුවකි.

ත‍්‍රස්තවාදය තුරන් කළ අපට ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කළ හැක. කොවිඞ් වසංගතය පාලනය කර ජන ජීවිත ආරක්ෂා කරගන්නට සමත් වූ අපට පැවැත්ම ආරක්ෂා කරන්නට බැරිකමක් නැත. ආදායම හා වියදම ගැන අවබෝධයක් ඇති, ණය බර ගැන දන්නා අපට අලූත් උත්පාදන අවකාශයක් ඇති කරන්නට ගත හැකි පියවර නොදන්නවා නොවේ. ආර්ථික හා සමාජ ප‍්‍රතිසංස්කරණයකට යා යුතුය. ජනප‍්‍රියත්වය ගැන හිතන, ඊළග ඡන්දයක මනාප ප‍්‍රමාණය ගනින මෙරට දේශපාලන පක්ෂ විසදුමක් සදහා තීරණ ගන්නේ නැත. අලූත් ආකෘතියකට ජනතාව සූදානම් නොකරන අතර ප‍්‍රායෝගික තීරණ ගන්නට ඉඩ දෙන්නේ ද නැත. එහි භයානක ප‍්‍රතිඵල අද අප හමුවේ තිබේ. එය ගණනකට නොගෙන තව තවත් කල් හරිමින් සිටිමු. මුලින් සදහන් කරන ලද පරිදි වෙනත් කොතැනකින් හෝ විසදුම් ලැබෙන තෙක් පොදු ජනතාව බලා සිටිති.

විශාල ප්‍රතිසංස්කරණයක්  නොකළොත් අනාගතය අදුරේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2022/03/16 – ලංකාදීප

ගොඩ වෙදකම අපේ සංස්කෘතියේ එක කොටසකි. සාමාන්‍ය අසනීපයක දී අත් බෙහෙත් භාවිතා කරන අවස්ථා ඇත. එවැනි අවස්ථාවල අසල්වැසි, දන්න කියන සියළුම දෙනා ගොඩවෙදුන් බවට පත්වෙති. ප‍්‍රතිකාරයක් වෙතැයි සිතන බෙහෙත් වට්ටෝරු වලින් උපදෙස් ලැබේ. ගොඩ වෙදකම හොද ප‍්‍රතිකාරයක් වන අතර අසනීපය සුව වී සාමාන්‍ය තත්ත්වයට පත්වීමට ද ඉඩ තිබේ. අත් බෙහෙත් පලක් නැති මොහොතක විශේෂඥ ප‍්‍රතිකාර ලබා ගන්නට සිදුවේ. ගොඩ වෙදකම්වලින් පලක් නැති තැන මුණ ගැසෙන විශේෂඥ වෛද්‍යවරයා, නිසි ප‍්‍රතිකාර නොගෙන රෝගය සගවාගෙන සිටීම ගැන තද අවවාද කරයි. ප‍්‍රතිකාර අරඹන්නේ එයින් අනතුරුවය.

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ද අසනීප හා බරපතල රෝග ගණනාවක ලක්ෂණ පෙන්වමින් ගිලන්ව සිටි බව නොරහසකි. පසුගිය කාලය තුළ බලයට පත් ආණ්ඩු අසනීපයෙහි තරම දැනගෙන සිටියේය. නිසැකවම රට සුවපත් කරන බව ප‍්‍රකාශ කර බලය ලබා ගනී. බලය ලබාගත් පසු ප‍්‍රතිකාර ගැන අමතක වෙයි. ආර්ථිකයෙහි තිබුණ ව්‍යාධි දෙස බලන පසු ප‍්‍රතිකාර පහසු නැත. බරපතල සැත්කම් කරන්නට සිදුවේ. සමජයට වේදනාවක් දැනෙන තීරණයක් වන අතර බෙහෙත් තිත්තය. මිහිරි වචන කියා බලයට පත්වන පාලකයෝ නිසි ප‍්‍රතිකාර මග හරිති. ගොඩවෙදකම් වලින් ගැලවෙන්නට මෙතෙක් කල් තැත් දැරූහ. නිසි ප‍්‍රතිකාර කරන බව අගවන ලද නමුත් අවසාන මොහොතේ දී ඒවා පැහැර හරින ලද බව පෙන්වා දිය යුතුය. නිසි ප‍්‍රතිකාර ප‍්‍රමාද කිරීම අවසානයේ දී ආර්ථිකය බරපතල තැනකට පත්ව ඇති බව රෝගියාට පමණක් නොව භාරකරුවන්ට ද වැටැහී තිබේ. දැනට රට තුළ පවතින උග‍්‍ර ආර්ථික ප‍්‍රශ්න රෝගීභාවය උත්සන්න වී ඇති බව තහවුරු කරන එක සාධකයකි.   

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයෙහි බරපතල ව්‍යාධි දෙකකි. ජාතික ආදායම අඩුය. ආදායම ඉක්මවා වියදම් කරමින් සිටී. විදේශ වෙළදාම අනෙක් රෝගී පැත්ත බව සදහන් කළ හැක. අපනයන ආදායම ඉක්මවා ආනයන වියදම ඉහළය. ආදායම හා වියදම අතර පරතරය පියවා ගැනීමට රට තුළ ණය ගන්නා සහ ඒවා පියවන්නට මුදල් අච්චු ගහන ආණ්ඩු විදේශ වෙළදාමේ දී එනම් ආනයන හා අපනයන පරතරය පියවනු සදහා වානිජ ණය භාවිතා කෙරේ. දෙස් විදෙස් ණය හා ඒවාට ගෙවන පොලියෙන් ශ‍්‍රී ලංකාවේ ආර්ථික දේහය බෙලහීන වී ඇති අතර නොයෙක් රටවලින් ලැබෙන ආධාරවලින් ආරක්ෂා වෙමින් පවතින තත්ත්වයකට ඇද වැටී ඇත.

ආණ්ඩු බාරගන්නා පාලකයන්ට ඉරණමෙන් ගැලවෙන්නට කළ යුතු බරපතල සැත්කම ගැන අවබෝධයක් ඇත. ඡන්දයෙන් දිනන ඔවුහු ආර්ථිකය ගොඩගැනීමට කළ යුතු ප‍්‍රතිකාර පසෙක තබන අතර අවධානය ඊළග ඡන්දයෙන් දිනන උපක‍්‍රම ගැනය.

ආණ්ඩුවේ ව්‍යාධි පෙන්වා හිතමිතුරු රටවල්වලින්  තාවකාලික පෙති ගිලින ආර්ථිකය මෙතැනින් එහාට ජීවත් කරන ක‍්‍රමය ගැන හිතන්නට අවශ්‍යය. අද තීරණයක් ගැනීමෙන් අනාගත පරපුර සුරක්ෂිත වනු ඇති අතර විශාල ප‍්‍රතිසංස්කරණයක් නොකළහොත් එහි වන්දිය ගෙවන්නේ අපගේ දරුවන් බව අමතක කළ යුතු නැත.

ආදායම වැඩිකරගත යුතුව තිබේ. ජාතික ආදායම වැඩි කරන උපාය දෙකකි. එකක් නාස්තිකාර වියදම් හා අනවශ්‍ය සහන ඉතාමත් අඩු කර පරතරය පියැවීම සදහා බදු නංවන්නට සිදුවේ. බදු වැඩි නොකර පවත්වා ගැනීම සදහා තව තවත් කර්මාන්ත හා ව්‍යාපාර ආරම්භ කරන්නට අවස්ථාව ලබා දිය යුතුය. දේශීය හා විදේශීය ආයෝජන වැඩි කළහොත් ඒවායෙන් ලැබෙන ආදායම වාසියකි. විදේශ වත්කම් තරකරගැනීම අනෙක් උපාය මාර්ගයයි. අපනයනය කෙරෙහි නැඹුරුව මෙහි දී ඉතාම වැදගත්ය. අපනයනය කරන්නට සුදුසු දේ රට තුළ නිපදවිය යුතුය. මහා පරිමානයෙන්, තරගකාරී මිලකට උසස්ම තත්ත්වයේ දේ නිපදවිය හැකි පරිසරයක් ඇති කළහොත් අපනයන වෙළදාම ශක්තිමක් කළ හැක. කුඩා රටකට ලෝක වෙළද පොලට ගැලපෙන පරිදි මහා පරිමාන නිෂ්පාදනය පහසු නැත. අවශ්‍ය මෙවලම් හා තාක්ෂණය සදහා විශාල පිරිවැයක් අවශ්‍යය. සිංගප්පූරුව වැනි රටවල් ජාත්‍යන්තර ආයෝජන මත එය ජය ගෙන තිබේ.

ආදායම වැඩි කරන විනිමය උපයන පිලිවෙල සදහා තීරණ ගත යුතුය. ඉන්දියාව, චීනය හෝ වෙනත් රටකින් ලැබෙන සහන ආපසු ගෙවිය යුතුය. මුල්‍ය අරමුදලෙන් ලැබෙන ණය සංචිතයක් පවා ආපසු පියැවිය යුතුය. අපට ඇති රෝගී ආර්ථිකයට වෙනත් රටක ප‍්‍රතිකාර ගැලපෙන්නේ නැත. සැත්කම කළ යුතු අපට වන අතර තිත්ත බෙහෙත් බොන්නට සිදුවන්නේ අප සියළුම දෙනාටය. පාලකයන්ට දොස් තබන අතර දේශපාලන වේදිකාවේ මිහිරි වචන කියන වෙනත් පාලකයෙකු ආයෙමත් වතාවක් පත් කරගැනීම නොකෙරෙන වෙදකමකි. 

සැමට සාධාරණය ඉටුවන සමාජ ක්‍රමයක් පතමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2022/03/09 – ලංකාදීප

අග හිගකම් ඇතිවෙන විට වැට කඩොලූ බැදේ. අවහිරතා පැනැවෙන්නේ ඇති නැති පරතරය අනුවය. සාමාන්‍ය ජනතාවට මෙතෙක් හිමිව තිබුණ අවස්ථා පාලනය කරනබව කියැවේ.  පවතින ආර්ථික තත්ත්වය අනුව පාලන විධිවිධාන යෝජනාවෙමින් පවතී. සම්පත් හිගය සලකා අරපිරිමැස්මකින් ක‍්‍රියා කිරීම නරක නැත. පාලන පැනැවීමේ දී සියළුම දෙනාටම සාධාරණ ක‍්‍රම අනුගමනය ඉතාම වැදගත්ය.

ආනයන සීමා පනවා ඇත. වාහන ගෙන්වීම නතර කර තිබේ. විදේශ ගමන් බිමන් සීමා කර ඇති බව පෙනේ. විශ්ව විද්‍යාලයකට ඇතුළුවන අවස්ථාව අහිමි වූ දරු දැරියන්ට විදේශ රටකට ගොස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව තිබුණි. ඇතැම් අංශ යෝජනා කරන පරිදි පිටරට අධ්‍යාපනය තහනම් කළ යුතුය. ඇපල්, මිදි වැනි දේ ආනයනය කිරීම ද නතර කළ යුතු බව කියැවේ. සුඛෝපභෝගී ද්‍රව්‍ය ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු අතර ඒවා රට තුළ නිපදවීමට පියවර ගත යුතු බව ප‍්‍රකාශවන තවත් කරුණකි.

පාලනය නරක නැත. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රම අනුව නීතිය හැදෙන්නේ අසරණ පිරිස පැත්තකට තල්ලූකරම්න් බව සදහන් කළ යුතුව ඇත. බලය සහ ධනය ඇති ජන කොටසට කිසිම පාලනයක් බලපාන්නේ නැත.

චන්ද්‍රබාබු නයිදු මහතා මහ ඇමැති වශයෙන් ඉන්දියාවේ අන්ද්‍රා ප‍්‍රදේශය පාලනය කරන කාලයේ එක්තරා ඇමැතිවරයෙකු ප‍්‍රාන්ත ආණ්ඩුවට මේ හා සමාන යෝජනාවක් ගෙන එන ලදී. ප‍්‍රාන්තයේ සිසුන් ඉගෙනගැනීම සදහා විදේශගතවීම තහනම් කළ යුතු බව එහි දී අවධාරණය කෙරිණ. ‘‘දැනටමත් ඔබගේ දරුවන් පිටරටවල ඉගෙනගන්නේ දැයි’’ ප‍්‍රශ්න කළ මහ ඇමැතිවරයා ‘‘එසේ කරගෙන යන අයට අත් ඔසවන්නැයි’’ එවකට පලාත් සභාව නියෝජනය කළ මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කළේය. වැඩි දෙනෙකුගේ අත් එසැවිණ. ‘‘පළමුවෙන් ඔබගේ දරුවන් ආපසු කැදවන්න. ඔබ සියළු දෙනා එයට එකගනම් පමණක් විදේශ අධ්‍යාපනය තහනම් කළ හැකි’’ බව එහි දී කියා සිටියේය.

පාලකයන්ට අනුගමනය කළ නොහැකි තීරණ ජනතාවට පමණක් පැනැවීම සුදුසු නැත. සමාජයට ආදර්ශයක් දිය යුතු පාලකයන්ය. ඉහළ පැලැන්තිය තමන්ගේ කැපවීම පෙන්විය යුතුය. ඔවුන් ආරක්ෂාවන අතරවාරයේ මධ්‍යම පැලැන්තියට සහ ඉහළට නගින නොතිත් ආශාවකිස් පසුවන පහල තලයට බාධා පැනවීම සුදුසු නැත.

ආර්ථික ක‍්‍රමයක උස් පහත්වීම් සිදුවේ. ප‍්‍රශ්න පැන නැගේ. සම්පත් සීමා සහිත වන අවස්ථා ඇතිවේ. සංකීර්ණ ගැටළු බව පිලිගත යුතුය. ගැටළු නිරාකරණයට ගත හැකි හොදම පියවර තෝරාගත යුතුය. එම පියවර සමාජයේ හරස්කඩක් නියෝජනය කළ හැකි ගෞරවාන්විත එකක් බවට හැරවීම පාලකයන්ගේ වගකීමකි. නැති බැරි ජන කොටස් විදින පීඩනය නොතකා තීරණගැනීම වරදකි. පංති පරතරය වැඩිකරන, සාධාරණ අවස්ථා අහිමිකරන තීරණ ඉදිරියේ හටගත්තත්ත්ව අමතක කළ යුතු නැත. පසුගිය දශක කිහිපය තුළ පැවැති ගැටුම්, අරගල, ත‍්‍රස්තවාදී ක‍්‍රියා අපට උගන්වන ලද පාඩමක් තිබේ. ඒවායේ අමිහිරි අත්දැකීම් අමතක කළ යුතු නැත.

රටට අවශ්‍ය අලූත් නැගිටීමක් වන අතර සමාජය එකතු කරගෙන ගමන ඉක්මන් කිරීමට ගැලපෙන තීරණ අවශ්‍යය. ආර්ථිකය සක‍්‍රීය කරන්නට පියවර ගත යුතුය. ප‍්‍රතිසංස්කරණ අවශ්‍යය. මෙතෙක් අනුගමනය කරන ලද රාමුව වෙනස් කිරීම නරක නැත. එම තීරණ වලින් උද්දාමයක්, පිබිදීමක් අපේක්ෂා කළ යුතු අතර සමාජ වෛරය ඇවිලවිය යුතු නැත. මැති ඇමැතිවරුන් ඇතුළු ප‍්‍රභූ පැලැන්තියට ලැබෙන වරප‍්‍රසාද ගැන සමාජය තුළ කනස්සල්ලක් තිබේ. දේශපාලන ක‍්‍රමය ගැන පිලිකුලක් ඇත. මහජන නියෝජිතයන් කරන කියන හා හැසිරෙන ආකාරය ගැන ප‍්‍රසන්න හැ`ගීමක් නැත. රටට අවශ්‍ය කරන්නේ එකමුතුවකි. පවතින අවස්ථා අහිමි කිරීම වෙනුවට ඒවා පවත්වාගෙන යන්නට සුදුසු තරමට ගැලපෙන ක‍්‍රමවේදයකි.

තරම නොදැනගෙන වැඩ කලොත් අනතුරක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2022/03/02 – ලංකාදීප

යුක්රේනයට ප‍්‍රහාර එල්ල කරන රුසියාව ගැන දෙස් විදෙස් අවධානය යොමු වී ඇත. අසල්වැසි රට, එහි අහිංසක ජනතාව පත්ව ඇති විපත කණගාටුවට කරුණකි. මෙම ගැටුම ගැන විවිධ මත ඇත. ලෝකයේ ප‍්‍රබල රටවල බලහත්කාරය ගැන අලූත් මානයකින් කියැවීමකට අවස්ථාවකි. ලෝක ධර්මතාවය නැවතත් සිහිපත් කරන ලද බව ද පෙන්වා දිය හැකි තවත් පැත්තකි.

අප හැම දෙනාටම තරම ගැන අවබෝධය වැදගත්ය. ඇගිල්ලේ තරමට ඉදිමෙන්නට ජන විඥාණය කියා දී තිබේ. යුතුකම් හා වගකීම් ඇත. අසල්වැසියන් සමග ක‍්‍රියාකිරීමේ දී බලය වෙනුවට ගෞරවය දිනාගත යුතුය. තමන් ගැන පමණක් සිතන සහ බලය ගැන උවමනාවට වඩා තැකීම ඛේදවාචකයකින් කෙළවරවෙයි. පුද්ගලයන්ට පාඩමකි. රටවල් වලට ද පොදුය. දේශපාලන හෝ සමාජ නායකයෝ මෙවැනි සිදුවීම් වලින් අත්දැකීම් ලබාගත යුතුය. බලයේ සිටින හා බලයට එන්නට සූදානම්වන දේශපාලන පක්ෂ යුක්රේන සිදුවීමෙහි ඇතුලාන්තය ගවේශනය කිරීම සුදුසුය.

යුක්රේන ජනාධිපති සෙලෙස්න්කි බලයට පත්වෙන්නේ 2019 දීය. ඉතාම ජනප‍්‍රිය විකට නළුවෙකු වූ හෙතෙම ජනපියත්වය උපයෝගී කරගෙන දේශපාලන පක්ෂයක් පිහිටුවයි. පළමු ඡන්දයෙන්ම අති විශාල ඡන්ද ප‍්‍රමාණයකින් ජනාධිපති ධුරයට පත්වෙයි. පළමු විදේශ සංචාරය සදහා ඔහු බ‍්‍රසල්ස් නගරය තෝරා ගත් අතර ඇමරිකාව ප‍්‍රමුඛ රටවල් සමග සබදතා ඇති කරගත්තේය. නේටෝ සංවිධානයට ඇතුලත්වීමට එකග විය. සෝවියට් දේශයෙන් කැඞී වෙන්වුණ රටවල් වශයෙන් බටහිර සමග තිබුණ පැරණි අත්දැකීම් සැහැල්ලූවෙන් තැකූ යුක්රේන නායකයා අසල්වැසි රුසියාව, එරට ජනාධිපති පුටින් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන ආකාරය ගැන නොතකා ක‍්‍රියා කළේය.

ජාත්‍යන්තර දේශපාලනයේ දී පුලූල් දැක්මක් තිබිය යුතුය. බලවත් රටවල අභිමානය, ඔවුන්ගේ සාහසික තීරණ ගැන කල්පනාවෙන් සිටීම සුදුසුය. ජාත්‍යන්තරය සාධාරණ නැත. යුක්රේනයට ප‍්‍රහාර එල්ලවන විට බටහිර, සහ නේටෝ සහාය අපේක්ෂා කළ නමුත් ප‍්‍රතිචාර සැලකීමේ දී අපේක්ෂා කරන ලද තරමට නොවේ. මේවා අත්දැකීම්ය.

කුඩා රටවල් සිය අනන්‍යතාව ආරක්ෂා කරගෙන, සමීපයේ ඇති බලවත් රටවල් සමග ගනුදෙනු කළ යුතුය. අපට ඉහළ නිලධාරීහු සිටිති. ලොකු මිත‍්‍රයෝ ඇත. ධනවත් ඥාතීහු සිටී. ඔවුන් සමග හැසිරෙන ආකාරය එකිනෙකට වෙනස්ය. තරම දැනගෙන කටයුතු කෙරේ. බලවත් පුද්ගලයෙකුට හෝ රටකට අභියෝග කළ හැකි නමුත් එහි සීමාවක් තිබේ. ලෝකයේ නොයෙක් තැන් වලින් එයට උදාහරණ ඇත.

බලවත් රටවලට ද වගකීමක් ඇත. අසල්වැසි කුඩා රටවල් සමග මිත‍්‍රශීලීව කටයුතු කිරීම වැදගත්ය. පුලූල් රාජ්‍ය තාන්ත‍්‍රික සබදතා ඇති කරගත යුතුය. වියට්නාමය, ඇෆ්ගනිස්ථානය සහ තවත් මැදපෙරදිග රටවල් ද, බලවත් රටවලට අමතක නොවන පාඩම් උගන්වා ඇති බව සදහන් කිරීම මෙහි දී වැදගත්ය. මේවා හැදෑරීම පාලකයන් නැඹුරු විය යුතුය. යුතුකම් සහ වගකීම් අමතක වූ පසු එහි පීඩාව විදින්නේ අහිංසක ජනතාවය. යුක්රේන ජනතාවගේ කදුළු වේදනාවේ තරම දක්වයි.

පසුගිය කාලයේ ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ද නොගැලපුන තැන් තිබුණි. පැරණි යටගියාව ද ඉදිරියේ දී තිබිය යුතු සබදතාවය ගැන ද අලූතින් හිතන්නට පාඩමකි. බැදීම් අවශ්‍යය. තේරුම් ගැනීම වැදගත්ය. අසල්වැසියා භීතියට පත්වන තැන් කොනිත්තා තාවකාලික වාසි ලබාගත හැක. අවසානයේ දී විනාශයක් ඇති කෙරේ.

ජාත්‍යන්තර සබදතා බලවත් ජාලයකි. විවිධ ක‍්‍රම හා නොයෙක් බලවේග අනුව සංකීර්ණ බැදීම් රටවල් අතර ඇති කරගෙන තිබේ. ප‍්‍රබල රටවල ක‍්‍රියාපටිපාටි ඉදිරියේ සෘජුව සිටින්නට උපාය අවශ්‍යය. සූක්ෂම දැක්මක් තිබිය යුතුය. තමන් ගේ ප‍්‍රශ්නවලට අසල්වැසියන්ගෙන් හෝ පිටස්තර රටවලින් උත්තර සොයන අවස්ථාවල ආපසු හැරෙන තැන ඉතාම නිවැරදිව දැනගෙන සිටීම වැදගත් බව මෙහි දී සදහන් කළ යුතු කරුණකි. දේශපාලනඥයන් හා දේශපාලන පක්ෂ අනුගමනය කරන පටු ප‍්‍රතිපත්ති හා   එයින් ලැබෙන තාවකාලික ජනප‍්‍රියත්වය කෙළවර ඇති උගුල්, කිසිසේත් අමතක නොකළ යුතු පැත්තකි. රුසියාවේ බලය සහ බටහිරට නැමෙන්නට යුක්රේනයේ තිබුණ හදිස්සිය දරුණු ගැටුමක් අවුලූවා ඇත. මතුපිටින් පෙනෙන ව්‍යුහයට වඩා ගැඹුරක් ලෝක සිතියමෙහි තිබේ.

අපනයනයට පමනක් සීමාකර රටක ඉදිරි ගමනක් තිබේද

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2022.02.23 – ලංකාදීප

වෙළද පොල තුළ භාණ්ඩ හිගයක් පවතින අතර පාරිභෝගිකයන් පීඩාවට පත් කර ඇත. අත්‍යවශ්‍ය ආනයනික ද්‍රව්‍යවල හිගය සහ එහි ප‍්‍රතිඵලයක් ලෙස මිල ඉහළයාම බරපතල කරුණකි. ආනයන නතර කළ යුතුය. පිටරටට නතු නොවී අපට හැකි දේ අප රට තුළ නිපදවාගත යුතුය යන අදහසක් ද ඇත. දේශීය නිෂ්පාදන නැංවීම ගැන විවාදයක් නැත. සිය රට දේ මිල දී ගන්නට කැමැතිය. වෙළද පොලට ගිය පසු අප සියළුම දෙනා පාරිභෝගිකයෝය. විකිණීමට ඇති ද්‍රව්‍යවල ප‍්‍රමිතිය, මිල ගැන සලකනවිට ප‍්‍රශ්න ඇති බව සලකා බැලිය යුතු පැත්තකි.

ආනයන අඩු කර අපනයන නංවන පියවරකට අවතීර්ණ වන පසුබිම ඉතාම පැහැදිලිය. විදේශ විනිමය හිගයක් පවතී. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉන්ධන, ඖෂධ වැනි දේ ආනයනයට පවා බාධා මතු වී ඇත. අපනයනය වැඩි කර එමගින් විදේශ විනිමය සොයා ගැනීමේ ප‍්‍රයත්නයක් ගැන සාකච්ඡා කෙරේ. අපනයන නැංවීම වැදගත්ය. ලෝක වෙළද පොලට සැපැයිය හැකි දේ නිපදවන පියවර ඉක්මන් කිරීම සුදුසුය. මතක තබාගත යුතු කරුණක් මෙහි දී සදහන් කරන්නට අවශ්‍යය. ආනයන හා අපනයන අතර සබදතාවයක් තිබේ. ආනයන රහිතව අපනයන නැංවීම ප‍්‍රායෝගික නැත.

ගනු දෙනු හුරු පුරුදු සරල භාවිතාවකි. එදිනෙදා පැවැත්ම තුළින් අපට කියා දෙන වැදගත් පාඩමකි. ගනු දෙනු රටවල් අතර වෙළදාම හා බැදේ. රටකින් යමක් මිල දී ගත හොත් ඔවුන් අපගෙන් යමක් ආපසු ගන්නට සුදානම්ය. ලෝකයේ කිසිම රටක් වෙළද පරතරය වැඩි කරගන්නට සූදානම් නැත. මිල දී ගැනීම ආනයනය වන අතර අපනයනය විකිණීමය. ආනයන හා අපනයන අතර අසමතුලිත විදේශ වෙළදාමක් නැත. නැව් වරායට ළගා වෙන්නේ මෙරට දේ මිල දී ගන්නට පමණක් නොවේ. ඔවුන්ගේ නැව්වල ඇති ලංකාව ඇනවුම් කරන ලද දේ ප‍්‍රවාහනය කරයි. අපනයනයට පමණක් බහාලූම් හෝ ලැබෙන්නේ නැති බව වටහා ගත යුතු සරල කාරණයකි.

විදේශ වත්කම් පිරිහී ඇති අවස්ථාවක ආනයන පාලනය අනුගමනය කළ හැකි එක ක‍්‍රමයක් නමුත් පාලනයක පැවැති  ඉකුත් වසර අවසානයේ වෙළද පරතරය සැලකිය යුතු අඩුවීමක් පෙන්වන්නේ නැත. වෙළද පොල තුළ පැන නැගී ඇති සංකීර්ණ ප‍්‍රවණතා දෙස අවධානය යොමු කරනවිට ආනයන සීමාව වෙනුවෙන් ගෙවන ලද වන්දිය සුළු පටු එකක් නොවේ. 

ආනයන සීමා කරන අතරතුර මතු වූ අනෙක් සංකීර්ණ පැති ගැන ද මතක් කළ යුතුය. ආනයනයේ දී අය කරන බදු අහිමිවීම රාජ්‍ය ආදායම දුර්වල කර ඇත. ආදායම අඩුවන විට අය වැය පාලනය කිරීම අපහසුය. 

පසුගිය කාලවකවානුව තුළ වෙළද පොල හසුරුවන ලද සංවෘත හා විවෘත ක‍්‍රම ගැන ජනතාවට අදහසක් ඇත. සටන්පාඨ දේශපාලනයෙන් හෙම්බත්ව සිටින ශ‍්‍රී ලාංකිකයෝ සීනි නැතිව තේ බොන යුගයකට – මිරිස් නැතිව හොදි කන්නම් කියන තැනකට සූදානම් නැත. මහජනතාවගේ හැගීම් එක්තරා තැනක් දක්වා පාලනය කළ හැකි අතර එහි සීමාව හදුනාගැනීම පාලකයන්ගේ වගකීමකි. ලෝකයේ පවතින අවස්ථා සහ ජාත්‍යන්තරයේ ස්වභාවය ගැන වඩා අවබෝධයක් අද සමාජයට ඇත. තොරතුරු තාක්ෂණ යුගයේ දී ලෝකයේ සිදුවන පරිවර්තනය ගැන නොදන්නෝ නොවෙති. එදිනෙදා අවශ්‍යතා පාලනය කරන තීරණ සමග මතුවිය හැකි අවදානමක් තිබේ.

ආදායම පහත වැටී, විදේශ සංචිත පිරිහී ඇති බව පිලිගත යුතුය. ණය බර ප‍්‍රශ්නයකි. ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය කරන කාලයකි. දුෂ්කරතා ඇති විය හැකිය. කරුණු පැහැදිලි කර මෙම දුබලතා මැඩ නැවත නැගී සිටින්නට සැලැස්මක් අවශ්‍යය. ජනතාව ඉදිරිට ගොස් ඔවුන්ගේ කැපවීම හා පරිත්‍යාගය ඉල්ලා සිටිය යුතු අතර සමස්ථ සමාජයම එකතු වී කරන ප‍්‍රයත්නයකින් හැර විසදුමක් නැත. කොටසකට පමණක් පීඩනය එල්ලවන අනෙක් කොටසට බරක් නොදැනෙන ක‍්‍රමවලින් වෙළද පොල පාලනය යුක්ති සහගත නැත.

සුළගින් උත්පාදනය කරන විදුලියේ වාසි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2022/02/16 – ලංකාදීප

ඉන්ධන වියදම හා පරිසර හානි ගැන අවධානය යොමු කරන ජගත් ප‍්‍රජාව පුනර්ජනනීය විදුලි උත්පාදනය ගැන අවධානය යොමු කරති. සූර්ය තාපය විදුලිය බලයට හරවන ප‍්‍රයත්න බහුලව ක‍්‍රියාත්මක වන අතර ස්වභාවික සුළගින් විදුලිය උත්පාදනය ද අවධානයක් යොමු වී ඇත.

ඩෙන්මාර්ක් රජය සුළග උපයෝගී කරගෙන විදුලි උත්පාදනයෙහි අලූත් වර්තාවක් පිහිටුවා තිබේ. සුළං බලාගාර ආධාර කරගෙන වොට් ටිලියන 2.3 ක් නිපදවන්නට සමත්ව ඇති බව දැක්වේ. එම විදුලිය උත්පාදනය එරට අවශ්‍යතාවයෙන් සියයට 68 කි. වසර 2033 වන විට අවශ්‍යවන අමතර විදුලිය ඉල්ලූම නිපදවීම සදහා උතුරු මුහුදේ කෘතීම දූපතක් ඉදි කරන්නට සැලැසුම් කර ඇත. එහි දැවැන්ත සුළං පෙති සහිත කුළුණු ඉදිකෙරේ. මෙම ව්‍යාපෘතිය එරට ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වනු ඇතැයි සැලකේ. පාපන්දු පිටි දහ අටක් විශාල මෙම කෘතීම දූපත තුළ සවිකරන සුළං පෙති වලින් වසර පුරා විදුලිය උත්පාදනය කෙරේ.

ඩෙන්මාර්ක් හා නෝර්වේ අතර විදුලිය හුවමාරු ගිවිසුමක් ඇත. ස්වභාවික සුළග අඩු කාලයේ දී උත්පාදනය අඩුවනවිට නෝර්වේ රාජ්‍යයෙන් ජල විදුලිය මිල දී ගැනේ. අනෙක් කාලයට ඩෙන්මාර්ක් සුළං විදුලිය ආපසු විකුණන බව දැක්වේ. මෙම ගනුදෙනුව සදහා රටවල් දෙක අතර සමාගම් දෙකක් පිහිටුවා ඇත. ඒවා රජයට අනුබද්ධ ආයතන වශයෙන් පවතී. නීති සකස් කොට තිබේ. රවවල් දෙක අතර අධි බලැති විදුලිය සම්පේ‍්‍රශණ මාර්ගය කිලෝ මීටර් පන්සියයක් පමණ දුරට විහිදෙන බව දැක්වේ. ගණන් බැලීමේ දී දෙරට අතර විදුලිය හුවමාරුව වියදමක් නැතිතරම් බව ඔප්පූ වී ඇත.

චීනය සහ ඇමරිකාව ලෝකයේ විශාලතම සුළං විදුලිය උත්පාදකයන්ය. 2020 වසරේ මෙම රටවල් දෙක අලූතින් සවිකරන ලද සුළං පෙති බලාගාර වලින් නිපදවන විදුලිය ඒකක ප‍්‍රමාණය ලෝක නිෂ්පාදනයෙන් හරි අඩකි. ජාත්‍යන්තර වාර්තා අනුව දැනට ලෝකයේ ඇති සුළං බලාගාරවලින් ගිගාවොට් 750 ක විදුලිය උත්පාදන ධාරිතාවයක් තිබේ. වායුගෝලයට මුදාහරින කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් බිලියනයකට වැඩි ප‍්‍රමාණයක් පාලනය කරන්නට මෙමගින් සමත්ව තිබේ. විදුලිය උත්පාදනය සදහා දැවිතෙල්, ගල් අගුරු හෝ ස්වභාවික ගෑස් පරිහරණය කරන රටවලට මෙම කරුණුවලින් ඉගෙන ගත හැකි පාඩමක් ඇත.

විශේෂඥ වාර්තා අනුව සුළං විදුලිය බලාගාර සදහා ශ‍්‍රී ලංකාවේ භූගෝලීය පරිසරය ගැලපේ. නුවරඑළිය සහ පුත්තලම දිස්ත‍්‍රික්කවල ස්ථාන ගණනාවක  දැනට සුළං බලාගාර ඉදිකර සාර්ථකව ක‍්‍රියාත්මක වෙයි. ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ මන්නාරම ආශ‍්‍රිතව සුළං විදුලිය බලාගාර සදහා කදිම අවස්ථා ඇති බව පර්යේෂණ වාර්තා වැඩිදුරටත් තහවුරු කර ඇත. අඩුම තරමින් මෙගවොට් 5,000 ක් උත්පාදනය කරන පහසුව තිබේ. දැනට ශ‍්‍රී ලංකාවේ කෙරෙන සමස්ථ උත්පාදනය පවා ඉක්මවා යන විශාල ප‍්‍රභවයකි. ශ‍්‍රී ලංකාවේ සම්පූර්ණ විදුලිය නිෂ්පාදනය මෙගවොට් 4,300 කි. ජල, ගල් අගුරු හා දැවිතෙල් බලාගාරවලින් නිපදවන සම්පූර්ණ විදලිය ප‍්‍රමාණයට ද වඩා සුළගින් විදුලිය නිපදවිය හැකි බව දැක්වේ.

බොරතෙල් මිල දිනෙන් දින ඉහළ යයි. දැන් පවතින මිල ගණන් අනුව තෙල් හා ගල් අගුරු ආනයනයට වැය කරන විනිමය ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හතරක් පමණ විය හැකිය. විනිමය හිග සහ ඛනිජ තෙල් මිල දී ගැනීමට පවා ණය ගන්නා පසුබිමක මුලික ආයෝජනය හැර අනෙක් පිරිවැයක් රහිත සුළං විදුලි උත්පාදනය ගන අවධානය යොමු නොකරන්නේ ඇයි? හරිත විදුලිය උත්පාදනය එනම් පරිසරයට හානි නොකරන ව්‍යාපෘති ඉදිරිපත් කළහොත් ජාත්‍යන්තර ආයතනවලින් පහසුවෙන් මූල්‍ය ආධාර ලබාගැනීමේ හැකියාවක් ඇත. ආයෝජකයන්ට ද අවස්ථාව පැවැරිය හැකිය. ආයෝජකයන්ගේ වියදමෙන් ඉදිකර පසුව යම් කාලයකට පසු රටට පැවරෙන ගිවිසුම් අත්සන් කරන හැකියාවක් තිබේ. දීර්ඝ කාලීන ආයෝජන වශයෙන් සුළං විදුලිය බලාගාර සදහා දිරිමත් කිරීම සුදුසු පියවරක් වනු ඇත.

විදුලිය ඒකකයකට ගෙවන මිල ගැන පාරිභෝගිකයන්ට කැක්කුමක් තිබේ. විදුලියබල මණ්ඩලය අධික පාඩු සහිතව පවත්වාගෙන යන අතර ඒවාට ගෙවන්නේ ද පොදු මහජනතාව බව සදහන් කළ යුතුය. විදුලි බල මණ්ඩලයේ පාඩු, ගල් අගුරු හා දැවිතෙල් ආනයන වියදම ගණන් බලන නිලධාරීහු විදුලිය බිල වැඩි කරන්නට යෝජනා කරනු ඇත. සුළං බලාගාර සදහා යෝජනා කැදවීමට යුහුසුළු නොවන්නේ ඇයි? ආණ්ඩුවට ආයෝජනය සදහා මුදල් නැත. පුද්ගලික අංශයට පවරන යොජනාවක් ඉදිරිපත් කළහොත් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිතිවල අරගල ඇරඹෙනු ඇත. ජාතික සම්පත් වෙන්දේසියක් ගැන මහා ඝෝෂා නැගෙන්නට ඉඩ තිබේ. සාමාන්‍ය ජනතාව මාසික විදුලිය බිල ගෙවන්නේ පහසුවෙන් නොවේ. ආකෘතිය වෙනස් කළහොත් වියදම අඩු කළ හැක. දේශපාලනඥයෝ වෙනසකට සූදානම් නැත. ජනතාවගේ දුක වේදනාව ගැන නොතකන දේශපාලන ක‍්‍රමයකින් රටට පලක් තිබේද?

සුළගින් උත්පාදනයට ඩෙන්මාර්කයෙන් පාඩම්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2022/02/16 – ලංකාදීප

ඉන්ධන වියදම හා පරිසර හානි ගැන අවධානය යොමු කරන ජගත් ප‍්‍රජාව පුනර්ජනනීය විදුලි උත්පාදනය ගැන අවධානය යොමු කරති. සූර්ය තාපය විදුලිය බලයට හරවන ප‍්‍රයත්න බහුලව ක‍්‍රියාත්මක වන අතර ස්වභාවික සුළගින් විදුලිය උත්පාදනය ද අවධානයක් යොමු වී ඇත.

ඩෙන්මාර්ක් රජය සුළග උපයෝගී කරගෙන විදුලි උත්පාදනයෙහි අලූත් වර්තාවක් පිහිටුවා තිබේ. සුළං බලාගාර ආධාර කරගෙන වොට් ටිලියන 2.3 ක් නිපදවන්නට සමත්ව ඇති බව දැක්වේ. එම විදුලිය උත්පාදනය එරට අවශ්‍යතාවයෙන් සියයට 68 කි. වසර 2033 වන විට අවශ්‍යවන අමතර විදුලිය ඉල්ලූම නිපදවීම සදහා උතුරු මුහුදේ කෘතීම දූපතක් ඉදි කරන්නට සැලැසුම් කර ඇත. එහි දැවැන්ත සුළං පෙති සහිත කුළුණු ඉදිකෙරේ. මෙම ව්‍යාපෘතිය එරට ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වනු ඇතැයි සැලකේ. පාපන්දු පිටි දහ අටක් විශාල මෙම කෘතීම දූපත තුළ සවිකරන සුළං පෙති වලින් වසර පුරා විදුලිය උත්පාදනය කෙරේ.

ඩෙන්මාර්ක් හා නෝර්වේ අතර විදුලිය හුවමාරු ගිවිසුමක් ඇත. ස්වභාවික සුළග අඩු කාලයේ දී උත්පාදනය අඩුවනවිට නෝර්වේ රාජ්‍යයෙන් ජල විදුලිය මිල දී ගැනේ. අනෙක් කාලයට ඩෙන්මාර්ක් සුළං විදුලිය ආපසු විකුණන බව දැක්වේ. මෙම ගනුදෙනුව සදහා රටවල් දෙක අතර සමාගම් දෙකක් පිහිටුවා ඇත. ඒවා රජයට අනුබද්ධ ආයතන වශයෙන් පවතී. නීති සකස් කොට තිබේ. රවවල් දෙක අතර අධි බලැති විදුලිය සම්පේ‍්‍රශණ මාර්ගය කිලෝ මීටර් පන්සියයක් පමණ දුරට විහිදෙන බව දැක්වේ. ගණන් බැලීමේ දී දෙරට අතර විදුලිය හුවමාරුව වියදමක් නැතිතරම් බව ඔප්පූ වී ඇත.

චීනය සහ ඇමරිකාව ලෝකයේ විශාලතම සුළං විදුලිය උත්පාදකයන්ය. 2020 වසරේ මෙම රටවල් දෙක අලූතින් සවිකරන ලද සුළං පෙති බලාගාර වලින් නිපදවන විදුලිය ඒකක ප‍්‍රමාණය ලෝක නිෂ්පාදනයෙන් හරි අඩකි. ජාත්‍යන්තර වාර්තා අනුව දැනට ලෝකයේ ඇති සුළං බලාගාරවලින් ගිගාවොට් 750 ක විදුලිය උත්පාදන ධාරිතාවයක් තිබේ. වායුගෝලයට මුදාහරින කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් බිලියනයකට වැඩි ප‍්‍රමාණයක් පාලනය කරන්නට මෙමගින් සමත්ව තිබේ. විදුලිය උත්පාදනය සදහා දැවිතෙල්, ගල් අගුරු හෝ ස්වභාවික ගෑස් පරිහරණය කරන රටවලට මෙම කරුණුවලින් ඉගෙන ගත හැකි පාඩමක් ඇත.

විශේෂඥ වාර්තා අනුව සුළං විදුලිය බලාගාර සදහා ශ‍්‍රී ලංකාවේ භූගෝලීය පරිසරය ගැලපේ. නුවරඑළිය සහ පුත්තලම දිස්ත‍්‍රික්කවල ස්ථාන ගණනාවක දැනට සුළං බලාගාර ඉදිකර සාර්ථකව ක‍්‍රියාත්මක වෙයි. ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ මන්නාරම ආශ‍්‍රිතව සුළං විදුලිය බලාගාර සදහා කදිම අවස්ථා ඇති බව පර්යේෂණ වාර්තා වැඩිදුරටත් තහවුරු කර ඇත. අඩුම තරමින් මෙගවොට් 5,000 ක් උත්පාදනය කරන පහසුව තිබේ. දැනට ශ‍්‍රී ලංකාවේ කෙරෙන සමස්ථ උත්පාදනය පවා ඉක්මවා යන විශාල ප‍්‍රභවයකි. ශ‍්‍රී ලංකාවේ සම්පූර්ණ විදුලිය නිෂ්පාදනය මෙගවොට් 4,300 කි. ජල, ගල් අගුරු හා දැවිතෙල් බලාගාරවලින් නිපදවන සම්පූර්ණ විදලිය ප‍්‍රමාණයට ද වඩා සුළගින් විදුලිය නිපදවිය හැකි බව දැක්වේ.

බොරතෙල් මිල දිනෙන් දින ඉහළ යයි. දැන් පවතින මිල ගණන් අනුව තෙල් හා ගල් අගුරු ආනයනයට වැය කරන විනිමය ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හතරක් පමණ විය හැකිය. විනිමය හිග සහ ඛනිජ තෙල් මිල දී ගැනීමට පවා ණය ගන්නා පසුබිමක මුලික ආයෝජනය හැර අනෙක් පිරිවැයක් රහිත සුළං විදුලි උත්පාදනය ගන අවධානය යොමු නොකරන්නේ ඇයි? හරිත විදුලිය උත්පාදනය එනම් පරිසරයට හානි නොකරන ව්‍යාපෘති ඉදිරිපත් කළහොත් ජාත්‍යන්තර ආයතනවලින් පහසුවෙන් මූල්‍ය ආධාර ලබාගැනීමේ හැකියාවක් ඇත. ආයෝජකයන්ට ද අවස්ථාව පැවැරිය හැකිය. ආයෝජකයන්ගේ වියදමෙන් ඉදිකර පසුව යම් කාලයකට පසු රටට පැවරෙන ගිවිසුම් අත්සන් කරන හැකියාවක් තිබේ. දීර්ඝ කාලීන ආයෝජන වශයෙන් සුළං විදුලිය බලාගාර සදහා දිරිමත් කිරීම සුදුසු පියවරක් වනු ඇත.

විදුලිය ඒකකයකට ගෙවන මිල ගැන පාරිභෝගිකයන්ට කැක්කුමක් තිබේ. විදුලියබල මණ්ඩලය අධික පාඩු සහිතව පවත්වාගෙන යන අතර ඒවාට ගෙවන්නේ ද පොදු මහජනතාව බව සදහන් කළ යුතුය. විදුලි බල මණ්ඩලයේ පාඩු, ගල් අගුරු හා දැවිතෙල් ආනයන වියදම ගණන් බලන නිලධාරීහු විදුලිය බිල වැඩි කරන්නට යෝජනා කරනු ඇත. සුළං බලාගාර සදහා යෝජනා කැදවීමට යුහුසුළු නොවන්නේ ඇයි? ආණ්ඩුවට ආයෝජනය සදහා මුදල් නැත. පුද්ගලික අංශයට පවරන යොජනාවක් ඉදිරිපත් කළහොත් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිතිවල අරගල ඇරඹෙනු ඇත. ජාතික සම්පත් වෙන්දේසියක් ගැන මහා ඝෝෂා නැගෙන්නට ඉඩ තිබේ. සාමාන්‍ය ජනතාව මාසික විදුලිය බිල ගෙවන්නේ පහසුවෙන් නොවේ. ආකෘතිය වෙනස් කළහොත් වියදම අඩු කළ හැක. දේශපාලනඥයෝ වෙනසකට සූදානම් නැත. ජනතාවගේ දුක වේදනාව ගැන නොතකන දේශපාලන ක‍්‍රමයකින් රටට පලක් තිබේද?

Older Entries Newer Entries